ජාතික රණවිරු සැමරුම් දින උත්සවය සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට නිළ ආරාධනයක් කර ඇති බවට අමාත්‍ය උපාලි පන්නලගේ විසින් ජනමාධ්‍ය වෙත කර ඇති ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නිතීඥ මනෝජ් ගමගේ පවසනවා.
හෙට (19) දිනට යෙදී ඇති විජයග්‍රහණයේ සැමරුම සඳහා පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එවැනි කිසිදු ආකාරයක ආරාධනයක් ලැබී නොමැති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිතීඥ ගමගේ මහතා සඳහන් කරන්නේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ආරාධනයක් කළ බවට සඳහන් කරමින් මේ රටේ ජනතාව නොමග යැවීමට අදාල අමාත්‍යවරයා සැරසෙන බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද පැවසුවා.
“අපි දැක්කා අමාත්‍ය උපාලි පන්නලගේ විසින් ජනමාධ්‍ය වෙත ප්‍රකාශයක් කරනු ලැබුවා හෙට දින පැවැත්වෙන විජයග්‍රහණයේ සමරුව සඳහා පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආරාධනයක් කර ඇති බවට. මේක සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක්. මේ මොහොත වන තුරුම එවැනි කිසිදු ආකාරයක ආරාධනයක් මේ සන්ධ්‍යා යාමය වනතෙක් අප වෙත ලැබිලා නැහැ. ඉතිං ඒක නිසා ඒ කතාව සම්පූර්ණයෙන්ම අපි ප්‍රතික්ෂේප කරනවා. මේ රටේ ජනතාව නොමග යවන්න එපා.
අන් කාලවලදී අපි දැකලා තියෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එහෙම නැත්නම් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ජනාධිපතිවරයා වෙත එවැනි නිල ආරාධනා ලැබෙනවා. නමුත් මාලිමා ආණ්ඩුව යටතේ එවැනි දැනුම්දීමක් ලැබිලා නැහැ කියලා අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම උපාලි පන්නිලගේ අමාත්‍යවරයා යම් උපහාසයකින් වගේ කිව්වා අනිත් ජනාධිපතිවරුන්ට වගේම අපි ආරාධනා කළා. මහින්ද ජනාධිපතිතුමාගේ විශේෂයක් නැහැ කියලා. මං හිතන්නේ අද දවස තමයි හරියටම විජයග්‍රහණයේ දවස. ඒ විජයග්‍රහණයේ දවසේ ප්‍රභාකරන් මියගිය එකට හිත රිදෙන අයට එක වළක්වන්න ද කොහෙද හෙට දවසේ විජයග්‍රහණය දාගෙන.
මං හිතන්නේ එතුමාලට මහින්ද ජනාධිපතිතුමා විශේෂයක් නොවුණාට මේ රටේ ජනතාව දන්නවා තිස් අවුරුදු යුද්ධය ඉවර කරලා ඒකට නායකත්වය දුන්නේ, සේනාධිනායකයා ලෙස කටයතු කළේ, මහින්ද ජනාධිපතිතුමා. මං හිතන්නේ මාලිමා ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට ඕන වුණා එතුමාව ඉතිහාසයෙන් මකා දමන්න. එතුමාගේ නම යුද ජයග්‍රහණයත් එක්ක රන් අකුරෙන් ලියැවෙන එක කාටවත් මකා දාන්න ලැබෙන්නේ නැහැ.
ඉතිං ඒ නිසා අපි කියනවා මේ රටේ ජනතාව නොමග යවන්න එපා. ඔබතුමාලට මහින්ද ජනාධිපතිතුමා විශේෂයක් නොවෙන්න පුළුවන්. හැබැයි අද දවසේ හරි විජයග්‍රහණය සැමරිය යුතු අද දවසේ ප්‍රභාකරන් ඇතුළු එල්ටීටීඊ ත්‍රස්තවාදය සහමුලින්ම විනාශ කරන්න නායකත්වය දුන්න මහින්ද ජනාධිපතිතුමා මේ රටේ ජනතාවට විශේෂයි.”
Latest News
පොඩි මැණිකේ දුම්රියෙන් බිමට ඇද වැටුණු තුර්කි තරුණියකට බරපතලයි
Local
19 July 2026
හෙට සිට බිත්තර මිල ඉහළට
Local
19 July 2026
ව්‍යාපාරිකයින් රවටා කෝටි 16ක් වංචා කළැයි හිටපු එජාප නාගරික මන්ත්‍රීනි රිමාන්ඩ්
Local
19 July 2026
ජෝර්දානයේ සිටින අමෙරිකානුවන්ට හදිසි ආරක්ෂක අනතුරු ඇඟවීමක්
Local
19 July 2026
දෙහිවල වෙඩිතැබීමකින් නිසල සෙවන සුසාන භූමියේ මුරකරුට තුවාල
Local
19 July 2026
විශ්වවිද්‍යාල තුළ ඩෙංගු පැතිරීම වැළැක්වීමට මාර්ගෝපදේශ මාලාවක්
Local
19 July 2026
නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට
Local
19 July 2026
ෆේස්බුක් පද්ධතියේ හදිසි බිඳවැටීමක්: ලොව පුරා ගිණුම් රැසක් තාවකාලිකව අක්‍රිය වෙලා
Local
19 July 2026
ගම්පොළ වෛද්‍යවරයකු පිළිකා රෝගී කතකට පහර දීලා: අද අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කියයි
Local
19 July 2026
සමාජ වගකීම් හරියාකාරව ඉටු කළේ නම් ජලභීතිකා මරණ වළක්වා ගැනීමට තිබුණා – අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න
Local
19 July 2026