General22 May 2026

කළු ගඟ, කැළණි ගඟ සහ අත්තනගලුට ඔය සුළු ගංවතුර තත්ත්වයක්

කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන්, කැළණි ගඟ හංවැල්ල ප්‍රදේශයෙන් සහ අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළා.

මේ අතර, කැලණි ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් ඉදිරි පැය 48ක කාලය සඳහා සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes