General25 May 2026

කහතුඩුවේදී ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රථයක් වෙල්යායකට පෙරළෙයි: 19කට තුවාල

කහතුඩුව, දියගම මාර්ගයේ කලඑලිඕවිට ප්‍රදේශයේදී ඇඟලුම් සේවිකාවන් රැගෙන ගිය බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

අද (25) පස්වරු 6:30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මාර්ගයේ පැමිණි වෙනත් වාහනයකට ඉඩ ලබා දීමට යාමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස වෙල්යායට පෙරළී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ 19 දෙනා අතරින් 17 දෙනෙකු හෝමාගම රෝහලටත්, එක් අයෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලටත් සහ අනෙක් පුද්ගලයා වෑතර රෝහලටත් ඇතුළත් කර ඇති අතර, තුවාල ලැබූ කිසිවෙකුගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලිසිය සඳහන් කළේ.

Related recommendation
Hiru TV News | Programmes