General25 May 2026

රජරට සිසුන්ට, නේවාසිකාගාර පහසුකම් ඉල්ලා අන්තරේ, අධ්‍යාපන අමාත්‍යාංශයට

රජරට විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 4,000 කට නේවාසිකාගාර පහසුකම් නොමැති බව පවසමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (25) අධ්‍යාපන අමාත්‍යංශය වෙත පැමිණියා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි කැඳවුම්කරු මධුශාන් චන්ද්‍රජිත් සඳහන් කළේ, අයවැයෙන් මෙම ගැටලුවට විසඳුම් ලබාදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළද මෙතෙක් විසඳුම් ලැබී නොමැති බවයි.

මේ අතර, සමෘද්ධි පරිගණක සහකාරවරුන්ගේ සංගමය අද සෙත්සිරිපායට පැමිණ සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ විෂයභාර අමාත්‍ය උපාලි පන්නිලගේ වෙත සංදේශයක් භාර දුන්නා.

ඒ දේශපාලන පළිගැනීම් මත පදනම්ව තමන්ට අහිමි කරන ලද සමෘද්ධි පරිගණක සහකාර ස්ථීර තනතුරු සහ ඊට අදාළ හිඟ දීමනා වහාම ලබාදෙන ලෙස බල කරමින්.

එමෙන්ම, රජයේ මුද්‍රණාල සේවකයින් අද කෑම පැයේදී මුද්‍රණාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූයේ වැටුප් වලින් සියයට 75 ක මුදලක් කපා ඇති බව පවසමින්.

Related recommendation
Hiru TV News | Programmes