පොළොන්නරුව චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේදී (National Nephrology Specialized Hospital) වයස අවුරුදු 16 ක පිරිමි ළමා රෝගියෙක් සඳහා වකුගඩු බද්ධ කිරීම ඉකුත් මැයි 07 දින සාර්ථකව සිදුවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.
ඒ අනුව මෙරට ළමා රෝහලක හැර පර්යන්ත රෝහලක පළමුවරට සිදු කළ ළමා වකුගඩු බද්ධය ඉතා සාර්ථක වූ බවත්, මින් ඉදිරියට සමස්ත ශ්‍රී ලාංකේය දරුවන්ගේ අවශ්‍යතා පරිදි වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදු කිරීමට සිය රෝහල සූදානම් බවත් පොළොන්නරුව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව වකුගඩු රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය දිල්කා සරණසිංහ ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායම පවසනවා.
ඔවුන් මේ බව සඳහන් කළේ පොළොන්නරුව චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ශ්‍රවණාගාරයේ අද (26) පැවැති විශේෂ මාධ්‍ය හමුවක දීයි.
මින්නේරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 ක ළමා රෝගියා සඳහා වකුගඩුව පරිත්‍යාග කරන ලදුව ඇත්තේ එම දරුවාගේ පියා විසින් වන අතර මේ වන විට එම දරුවා හා පියා සම්පූර්ණ සුවය ලබා සිටින බව ද මෙහිදී විශේෂඥ වෛද්‍ය කණ්ඩායම පෙන්වා දෙන ලදි.
මෙහිදී අදහස් දැක් වූ පොළොන්නරුව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ත්ව වකුගඩු රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය දිල්කා සරණසිංහ පවසා සිටියෙ 2021 වසරේ සිට රෝහල ජනතාවගේ ප්‍රතිකාර සේවාවන් සඳහා විවෘත කරන ලද බවත්, එතැන් සිට වකුගඩු රෝග ආශ්රිත රෝගීන් සඳහා රුධිර කාන්දුකරණය, රක්ත කාන්දුකරණය සහ රුධිරවාහිනී සහ අවයව බද්ධ කිරීම ඇතුළු සියළු සේවා ලබාදෙන ලද බවයි.
රෝහලේ පළමු සජීවී ළමා වකුගඩු බද්ධය සාර්ථකව සිදු කිරීමට ලැබීම රෝහල ලද ජයග්‍රහණයක් බවත්, සැත්කමට භාජනය වූ රෝගියා සහ රෝගියාට අවයව බද්ධ කළ ඔහුගේ පියා ද ඉතා සුවෙන් පසුවන බවයි මෙහිදී අනාවරණය වුණේ.
රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සියලු කාර්ය මණ්ඩලවල කැපවීම මත මෙම ජයග්‍රහණය අත්කර ගත හැකි වූ බවත්, කිසිදු බියකින්, සැකයකින් තොරව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව වකුගඩු රෝහලට පැමිණ ළමා වකුගඩු බද්ධ කිරීමේ සේවා ලබා ගන්නා ලෙසත් වෛද්‍යවරු ජනතාව දැනුවත් කළා.
ළමා හා වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වෙනුජය බණ්ඩාර මහතා පවසා සිටියේ, රෝහල පළමු ළමා වකුගඩු බද්ධ කිරීම සාර්ථකව සිදුකරමින් ළමා වකුගඩු සත්කාර සේවාවේ සුවිශේෂී කඩඉමක් පසු කළ බවයි.
දරුවන්ගේ දීර්ඝ කාලීන වකුගඩු රෝග සඳහා ප්‍රධාන හේතුන් ලෙස සංජානනීය වකුගඩු සහ මූත්‍රා මාර්ගය ආශ්‍රිතව තිබෙන ආබාධ වන බව ද පෙන්වා දෙන ලද අතර ළමා වකුගඩු රෝග විශේෂඥ සායන සෑම පළාතකම පිහිටුවා ඇති බවත්, නියමිත පරිදි සායනික ක්රියාකාරීත්වයක් සමග නොසිටීම හේතුවෙන් වකුගඩු දෙකම අකර්මණ්‍යවීමේ හැකියාව පවතින බවද පැවසීය.
රෝහල තුළ ළමා වකුගඩු බද්ධ කිරීමේ සේවාවන් 2025 වසරේ මැද භාගයේ සිට ආරම්භ කළ බවත්, එතැන් සිට සායන සඳහා සහභාගි වූ දීර්ඝ කාලීන වකුගඩු රෝගය තිබෙන දරුවෙක් මෙම සැත්කම සඳහා භාජනය කළ බවත් වෛද්‍යවරයා සඳහන් කළා.
සනාල පටක හා වාහිනී බද්ධ කිරීම පිළිබඳව විශේෂඥ වෛද්‍ය මනුජය ගොඩකන්දගේ කියා සිටියේ වැඩිහිටි රෝගියෙකුට සිදුකරන වකුගඩු බද්ධයකට වඩා සංකීර්ණ සහ තාක්ෂණික වශයෙන් අභියෝගාත්මක පියවරක් ලෙස මෙම ළමා වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම පෙන්වා දිය හැකි බවයි.
ළමා වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සිදුකරන මෙරට ප්‍රධාන ආයතන දෙක හැරුණු විට මෙම රෝහල තුළින් එම සේවාව ලබාදීමට හැකිවීම සුවිශේෂී අවස්ථාවක් බව ද කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීම තුළ මෙම සුවිශේෂි ජයග්‍රහණය අත් කර ගත හැකි වූ බවද වෛද්‍යවරයා සඳහන් කළා.
පැය දෙකහමාරක් තුනක් වැනි ඉතාම කෙටි කාලයක් තුළ ශල්‍යකර්ම දෙකක් සිදු කරමින් කිසිදු සංකූලතාවයකින් ද තොරව සාර්ථකව සිදුකළ හැකි වූ බවද පැවසුවා.
ළමා වකුගඩු රෝගීන් සඳහා වකුගඩු බද්ධ කිරීම යනු අවසාන අවධියේ වකුගඩු අක්‍රිය වීමෙන් (End-Stage Renal Disease) පෙළෙන දරුවන්ට සාමාන්‍ය ජීවිතයක් ලබා දීම සඳහා සිදු කරන ප්‍රධානතම සහ සාර්ථකම ශල්‍යකර්මයයි.
ශ්‍රී ලංකාව තුළ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල (LRH), පේරාදෙණිය ශික්ෂණ රෝහල සහ පොළොන්නරුව චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වකුගඩු රෝහල වැනි රජයේ ප්‍රධාන රෝහල්වල මෙම සැත්කම් නොමිලේ සහ සාර්ථකව සිදු කරනු ලබයි.
මෙම මාධ්‍ය හමුව සඳහා පොළොන්නරුව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව වකුගඩු රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය දිල්කා සරණසිංහ, ළමා හා වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වෙනුජය බණ්ඩාර, සනාල පටක හා වාහිනී බද්ධ කිරීම පිළිබඳව විශේෂඥ වෛද්‍ය මනුජය ගොඩකන්දගේ, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජීවක කුලතිස්ස යන වෛද්‍ය මඩුල්ල සහභාගී වුණා.
Latest News
හොරණ - බටගොඩ වැඩිහිටි නිවාසයේ ඇතිවූ ගින්නෙන් රෝහල් ගත කළ තවත් අයෙක් ජීවිතක්ෂයට
Local
05 June 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 342ක් ලෙස සටහන් වෙයි
Local
05 June 2026
Kanro Interiors සමාගම Platinum Excellence සම්මානය දිනයි
Local
05 June 2026
ඉහළයන වැඩිහිටි ජනගහනයට චීනයෙන් විසදුමක්
Local
05 June 2026
චීන ජනපති ෂී ජින්පින්ග් ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි
Local
05 June 2026
ලෙබනන් සටන් විරාමය ත්‍රස්ත සංවිධානයක් ප්‍රතික්ෂේප කරයි
Local
05 June 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේත් විරෝධය
Local
05 June 2026
ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවයි
Local
05 June 2026
ගෑස් මිල ගැන තීන්දුව අද
Local
05 June 2026
ප්‍රදේශ කිහිපයකට අදත් මි. මී. 100 ඉක්මවූ තද වැසි
Local
05 June 2026