General29 May 2026

වෙසක් නිමිත්තෙන් සිරකරුවන් 61 දෙනෙකුට ජනාධිපති සමාව

හෙට (30) දිනට යෙදෙන වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත සිරකරුවන් 61 දෙනෙකු සඳහා ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම විශේෂ ජනාධිපති සමාව ප්‍රදානය කර ඇති බවයි.

මෙලෙස සමාව හිමිවූ රැඳවියන් අතරින් සිරකරුවන් 33 දෙනෙකු හෙට දින බන්ධනාගාරවලින් නිදහස් වීමට නියමිත බවත් එම නිවේදනයේ සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes