General31 May 2026

කලමැටිය මුහුදේ අතුරුදන් වූ දෙදෙනෙකුගේ සිරුරු සොයාගැනේ

හුංගම කලමැටිය මුහුදේ නෑමට ගොස් අතුරුදන් වූ ළමයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

එම වෙරළ තීරයේ දිය නෑමට ගිය වයස අවුරුදු 12, 17 සහ 18 යන වයස්වල පසුවන පිරිමි ළමයින් තිදෙනෙකු ඊයේ (30) දියේ ගිලී අතුරුදන්ව තිබුණා.

පොලිසිය සඳහන් කළේ, අතුරුදන් වූ ළමයින් සොයා ප්‍රදේශවාසීන්, පොලිසිය සහ සහන සේවා කණ්ඩායම් එක්ව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes