General31 May 2026

හයිලෙවල් පාරේ අද විශේෂ රථවාහන සැලැස්මක්

වෙසක් උත්සවයට සමගාමීව නුගේගොඩ සිරිධම්මාරාම විහාරස්ථානයේ පෙරහැර හේතුවෙන් මිරිහාන පොලිස්වසම තුළ අද රාත්‍රී 7:00 සිට මධ්‍යම රාත්‍රී 12:00 දක්වා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.

මේ අනුව රාත්‍රී 7:00 සිට රාත්‍රී 10:00 දක්වා හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන් පාලම අසල සිට ගම්සභා හන්දිය දක්වා කොළඹින් පිටවීමට සහ කොළඹට ඇතුලු වීමට එක් මන්තීරුවක් පමණක් විවෘතව ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම රාත්‍රී 8:00 සිට රාත්‍රී 11:00 දක්වා ගම්සභා හන්දියේ සිට කට්ටිය හන්දිය දක්වා මාර්ගය තාවකාලිකය වසා දැමෙන අතර රාත්‍රී 8:00 සිට මධ්‍යම රාත්‍රී 12:00 දක්වා පරණ කැස්බෑව මාර්ගය නුගේගොඩ නාවල වටරවුම සිට දෙල්කඳ හන්දිය දක්වාද තාවකාලිකව වසා දැමෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes