International01 June 2026

ලෙබනනයේ බියුෆෝට් බලකොටුව ඊශ්‍රායල හමුදාව අතට

දකුණු ලෙබනනයේ පිහිටි උපායමාර්ගික ස්ථානයක් වන බියුෆෝර්ට් බලකොටුව ඊශ්‍රායල හමුදාව විසින් වසර 44 කට පසු අත්පත් කරගෙන තිබෙනවා.

හිස්බුල්ලා සංවිධානයට එරෙහි ප්‍රහාරයේදී මෙය ‍තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් ලෙසයි ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හඳුන්වා ඇත්තේ.

ගොඩබිම් හමුදා තමන්ගේ මුල් සීමාව වූ ලිටානි ගංගාවෙන් ඔබ්බට, ලෙබනන භූමිය තුළට තවදුරටත් ඇතුළු වෙමින් සිටින මොහොතක මෙම අත්පත් කරගැනීම සිදුව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes