සේවකයන්ගේ ස්ථානමාරුවීම් සම්බන්ධයෙන් වන ගැටළුවක් මූල් කරගනිමින් සුවසැරිය හදිසි ගිලන් රථ සේවාවේ සේවකයින් අද (03) සිට වැඩ වර්ජනයකට සුදානම් වන බවට ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සුව සැරිය ගිලන් රථ සේවාවේ මෙහෙයුම් ප්‍රධානී ලුතිනන් කර්නල් සුනෙත් ජිවන් ප්‍රනාන්දුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, එවැන්නක් තමන්ට දැනගැනීමට නොලැබුණු අතර, එහෙත් දිගුකාලීනව සේවය කළ නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් ස්ථාන මාරුවීම් ප්‍රතිපත්තියක් සකස් කර ඇති බවත් ඒ පිළිබඳව අර්බුධකාරී තත්ත්වයක් මතුව ඇති බවත්ය.
සුව සැරිය ගිලන්රථ සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් වන බවත් මේ වන විටත් එම සේවාව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් මෙහෙයුම් ප්‍රධානියා වැඩිදුරටත් පැවසුවා.
මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම් දීප්ති විජේතුංග ගෙන් ද විමසීමක් කළා.
එහිදී හෙතෙම සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සුවසැරිය ගිලන් රථ සේවාව මගින් නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට සුදානම් ව ඇති බවයි.
Latest News
බ්‍රෙන්ඩන් මැකලම් එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධුරයෙන් ඉවතට
Local
12 July 2026
ලෝඩ්ස් පිටියේ ටෙස්ට් ශතකයක් රැස්කළ ලොව පළමු ක්‍රීඩිකාව බවට යස්තිකා භාතියා පත්වෙයි
Local
12 July 2026
ඩෙංගු වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර
Local
12 July 2026
මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ මධ්‍යස්ථානය ජනතා අයිතියට
Local
12 July 2026
ලෝකයේ දරුණුම වාහන තදබදය තිබෙන රටවල් අතරින් ලංකාවට 3 වැනි තැන
Local
12 July 2026
ඉරානයේ සන්නිවේදන කුළුනකට අමෙරිකාවෙන් ප්‍රහාර මාලාවක්
Local
12 July 2026
වන අලි ප්‍රහාරයකින් පාදයක් අහිමි වූ ගොවියාට තණමල්විල පොලිස් ස්ථානාධිපතිගෙන් රෝද පුටුවක්
Local
12 July 2026
තුන් පිම්මෙන් නෙත්මි මධුෂානි ආසියාවෙන්ම ලෝකඩ පදක්කම දිනාගනියි
Local
12 July 2026
ක්‍රිකට් සල්ලි කෝටි 68ක් නීතිඥයන්ට පූජා කරලා: නඩු දාන්න ක්‍රිකට් ආයතනයෙන් අතිදැවැන්ත නාස්තියක්
Local
12 July 2026
මධ්‍ය නිලධාරීන් 34ක් අධිකාරියට පත් කෙරේ:
Local
12 July 2026