General04 June 2026

හොරණ වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂවරයා ජුනි 11 දක්වා රිමාන්ඩ්

හොරණ වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්නෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියයෑමේ සිදුවීමට අදාළව එම නිවාසයේ අධ්‍යක්ෂවරයා ජුනි 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

ඊයේ පස්වරුවේ ඇති වූ මෙම ගින්නෙන් තුවාල ලැබූ 08 දෙනෙකු තවදුරටත් හොරණ මූලික රෝහලේ සහ ගල්පාත ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ගින්න හටගන්නා අවස්ථාවේ එම නිවාසයේ වැඩිහිටියන් 72 කු රැදී සිට ඇති අතර ඊට කාන්තාවන් 37 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු ඇතුළත් වුණා.

ගින්නට මැදි වූ 51 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කළ අතර ඔවුන් මේ වනවිට බටගොඩ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes