පසුගිය සියවසක කාලය පුරා, 'බ්ලූ-ෆ්රන්ටඩ් ලොරිකීට්' (Blue-fronted Lorikeet - නිල් පැහැති නළලක් සහිත ගිරවා) ඉන්දුනීසියාවේ හමුවන වඩාත්ම දුර්ලභ කුරුල්ලන්ගෙන් කෙනෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
උන් පිළිබඳව දැනගන්නට ලැබී ඇත්තේ, 2014 වසරේ ලබාගත් එකම එක ඡායාරූපයකින් සහ කෞතුකාගාර සාම්පල කිහිපයකින් පමණක් බවත්, එම ගිරවා මේ ලෝකයෙන් සදහටම වඳ වී ගොස් නැතැයි යන බලාපොරොත්තුව පමණක් ඉතිරිව තිබූ බවත්, රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරනවා.
හුණුගල් පර්වත, දෂ්ට කරන කෘමීන් සහ දුෂ්කර කඳුකර භූමි භාගයන් මැදින් දින ගණනාවක් තිස්සේ ඉහළටම ගමන් කිරීමෙන් පසු, බුරු (Buru) දූපතේ උසම කන්ද මුදුනේදී දක්නට ලැබුණු දීප්තිමත් කොළ පැහැති පිහාටු සහිත දසුනකින් තහවුරු වූයේ, මේ අතිශය වර්ණවත් ගිරවා තවමත් එහි ජීවත් වන බවයි.
බුරු දූපතට පමණක් ආවේණික වූ, එනම් ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයක දක්නට නොලැබෙන මෙම කුඩා කුරුල්ලා අප්‍රේල් මාසයේදී ඉන්දුනීසියානු කඳු නැගීමේ කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද ගවේෂණයකදී සොයා ගෙන තිබෙනවා.
පළමු වරට 1920 ගණන්වලදී එකතු කරන ලද සාම්පල හතක් ඇසුරින් විස්තර කරන ලද මෙම ගිරවා, ඉන්දුනීසියාවේ පක්ෂි ලෝකයේ විසඳිය නොහැකි අභිරහසක්ව පැවතුණ බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
පහත් බිම් සහ මධ්‍යම උසින් යුත් වනාන්තරවල සෝදිසි කිරීම් සිදු කළද, වසර 90කට ආසන්න කාලයක් තිස්සේ උන් පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා නොවූ අතර, පසුව 2014 වසරේදී ඡායාරූපයකට හසුව ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ.
පර්යේෂකයන් මෙතෙක් සෙවූ ප්‍රදේශවලට වඩා බෙහෙවින් ඉහළින් පිහිටි කඳුකරයේ මෙම ගිරවුන් ජීවත් වන බවට කාලයක සිට සැකයක් පැවතී තිබෙනවා.
මෙම ලොරිකීට් ගිරවුන් හමු වූ උස් කඳුකර භූමිය මෑතක් වන තුරුම ළඟාවීමට නොහැකි ප්රදේශයක්ව පැවති අතර, එය සාර්ථක වූයේ කඳු නගින්නන් විසින් කඳුකරයට යන මාර්ගයක් සිතියම්ගත කිරීමෙන් පසුව බවයි රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරන්නේ.
මෙම ගවේෂණයට සම්බන්ධ වූ පක්ෂි නිරීක්ෂකයෙකු වන ජේම්ස් ඊටන් (James Eaton) පවසා ඇත්තේ, වර්ෂාව, තියුණු හුණුගල්, වේගයෙන් ගලායන ගංගා සහ කිසිදු අඩිපාරක් නොමැති වීම නිසා මෙම කඳු මුදුනට ළඟාවීමට උත්සාහ කරන ඕනෑම අයෙකුට ''ඉතා ශක්තිමත් නැතහොත් පිස්සු හේතුවක්" තිබිය යුතු බවයි.
"මේ කුරුල්ලා තමයි අපිට තිබුණු ඒ හේතුව," යනුවෙන් ඊටන් පවසා තිබෙනවා.
මෙම දසුන දැකගන්නට ලැබුණේ ඔහු වසර ගණනාවක් තිස්සේ කළ සූදානමක ප්‍රතිඵලයක් වශයෙන් වන බවටයි ඔහු සඳහන් කර ඇත්තේ.
මෙම ගිරවා IUCN රතු ලැයිස්තුව (IUCN Red List) විසින් 'දත්ත ඌන' (Data Deficient) පක්ෂියෙකු ලෙස වර්ග කර තිබූ අතර, American Bird Conservancy, Re:wild සහ BirdLife Inteational අතර ගෝලීය හවුල්කාරිත්වයක් වන Search for Lost Birds ආයතනය විසින් 2024 වසරේදී මෙය 'අහිමි වූ විශේෂයක්' (Lost Species) ලෙස නිල වශයෙන් හඳුනා ගෙන තිබෙනවා.
ඊටන් පවසන පරිදි, මෙම නැවත සොයා ගැනීම පොදු ජනතාවගේ ඇසට නොපෙනී තවමත් ලෝකයේ සැඟව පවතින සුන්දරත්වය සහ පුදුමය පිළිබඳ කදිම මතක් කිරීමක්.
මූලාශ්‍රය | රොයිටර්ස්

Latest News
හොරණ බැංකු කොල්ලයේ විමර්ශන පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසයට
Local
04 June 2026
යකඩ පටි සවිකල දොරවල් අගුළු දාලා - 12කට දිවි අහිමි කළ හොරණ වැඩිහිටි නිවාසය ලියාපදිංචි කරලත් නැහැ
Local
04 June 2026
මට අන්තිමට ඉතුරු වුණේ ඇදිවත විතරයි - සෙනෙහසේ කැදැල්ලේ දයාසීලි
Local
04 June 2026
අමෙරිකානු රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ 'P 628' වෙරළාරක්ෂක නෞකාව නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ
Local
04 June 2026
ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ඇප
Local
04 June 2026
තෝමස් පිල පරදා ජෝසප් පිල ‘ලේඩි ජයතිලක පලිහ’ දිනා ගනී
Local
04 June 2026
සියවසකට වරක් දක්නට ලැබෙන ඉන්දුනීසියානු ගිරවා කඳුකර වනාන්තරයකින් මතු වෙයි
Local
04 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ අධ්යක්ෂවරයා ජුනි 11 දක්වා රිමාන්ඩ්
Local
04 June 2026
සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ අක්ෂි සායනය ඩිජිටල්කරණය කෙරේ
Local
04 June 2026
සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමේ නියෝගය ලබන 10 දා
Local
04 June 2026