International05 June 2026

චීන ජනපති ෂී ජින්පින්ග් ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි

චීන ජනපති ෂී ජින්පින්ග් ලබන සතියේදී උතුරු කොරියාවේ දුර්ලභ සංචාරයක නිරත වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ලබන සඳුදා සිට ආරම්භ වන දෙදින නිල රාජ්‍ය සංචාරය අතරතුර ජනපති ෂී ජින්පින්ග් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් හමුවීමට නියමිත බවයි චීනයේ ෂින්හුවා (Xinhua) රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කර ඇත්තේ.

උතුරු කොරියාවේ රාජ්‍ය නාලිකාවක් වන KCNA පුවත් ඒජන්සිය ද මෙම සංචාරය තහවුරු කර තිබෙනවා.

මෙය 2019 වසරෙන් පසු ජනපති ෂී ජින්පින්ග් උතුරු කොරියාවේ නිරත වන පළමු සංචාරය මෙයයි.

එමෙන්ම මෙය ජනපති ෂී ජින්පින්ග් මේ වසරේ විදේශගත වන පළමු සංචාරය ද වනවා.

මූලාශ්‍රය | CNN
Related recommendation
Hiru TV News | Programmes