Sports04 June 2026

19 හැවිරිදි රුසියානු ජාතික ග්‍රෑන්ඩ් මීරා ඇන්ඩ්‍රීවා ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් මහා තරගයට

දේශපාලනික වශයෙන්ද උණුසුම් මුහුණුවරක් ගත් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් යුක්‍රේනයේ මාර්තා කොස්ටියුක් පරදා විශිෂ්ට ජයක් ලැබූ රුසියාවේ යොවුන් ක්‍රීඩිකා මීරා ඇන්ඩ්‍රීවා, සිය ප්‍රථම ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

අද (04) පැවැති මෙම තරගයේදී 6-1ක් සහ 6-3ක් ලෙස කොස්ටියුක් පරාජය කිරීමට ඇන්ඩ්‍රීවා සමත් වූයේ Court Philippe Chatrier ක්‍රීඩාංගණයේදී ඇය දැක්වූ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසය හේතුවෙන්.

ඒ අනුව ඇය අවසන් මහා තරගයේදී ඇගේම රටේ ක්‍රීඩිකාවක වන ඩයනා ෂ්නයිඩර් හෝ පෝලන්තයේ මායා ච්වලින්ස්කා සමග තරග වැදීමට නියමිතයි.

2022 වසරේදී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු යුක්‍රේන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනුගමනය කරන සිරිතට අනුව, කොස්ටියුක් තරගයට පෙර සිය ප්‍රතිවාදියා සමඟ සාම්ප්‍රදායික ඡායාරූපයට පෙනී සිටීමෙන් වැළකී සිටි අතර, තරගයට පෙර හෝ පසුව දැල් සීමාව අසලදී අතට අත දීමක් (Handshake) ද සිදු කළේ නැහැ.

19 හැවිරිදි ඇන්ඩ්‍රීවා, පළමු වටයේදීම 4-0ක් ලෙස පෙරමුණ ගත් අතර දෙදෙනා අතර මීට පෙර පැවැති තරග දෙකම කොස්ටියුක් ජයගෙන තිබුණද, මෙම තරගයේදී ඇන්ඩ්‍රීවාගෙන් ඇයට දැඩි බලපෑමක් එල්ල වුණා. දෙවන වටයේදී කොස්ටියුක් තරගයට අවතීර්ණ වීමට උත්සාහ කළද, රුසියානු ක්‍රීඩිකාව ඇයට කිසිදු ඉඩක් ලබා නොදී සිය ආධිපත්‍යය තහවුරු කරගනු ලැබුවා.

තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ ඇන්ඩ්‍රීවා ප්‍රකාශ කළේ, "මම තවමත් ගොඩක් නොසන්සුන්ව ඉන්නේ. ඇය මේ තරඟ වාරය පුරාම මැටි පිටිවල (Clay court) කිසිම තරඟයක් පරාද වෙලා තිබුණේ නැහැ. ඒක මට ලොකු පීඩනයක් වුණා. ඇය දක්ෂ ක්‍රීඩිකාවක්, ඒ නිසා මම ක්‍රීඩා කරපු විදිහ ගැන ගොඩක් සතුටුයි." යනුවෙනුයි.

සුළඟ සහිත කාලගුණය සහ තරගයේ මුල් භාගයේ පැවති නොසන්සුන්බව හේතුවෙන් කොස්ටියුක් අතින් වැරදි කිහිපයක්ම සිදු වූ අතර, එහි වාසිය ඇන්ඩ්‍රීවා සතු වුණා. දෙවන වටයේදී කොස්ටියුක් ලකුණු තත්ත්වය 4-3ක් ලෙස තමන් සතු කරගනිමින් යම් සටනක් දීමට උත්සාහ කළද, අවසානයේදී පැයකට වඩා මදක් වැඩි (විනාඩි 76ක) කාලයකින් පසු ඇන්ඩ්‍රීවා තරගයේ ජය තහවුරු කරගත්තා.

ක්‍රීඩාංගණයේ වහලය වසන අවස්ථාවේදී පවා ක්‍රීඩිකාවන් දෙදෙනාම තරගය අත්නෑර ක්‍රීඩා කළ අතර, "කාලගුණය ගොඩක් දරුණු වුණා, අධික සුළඟ නිසා බෝලය එන්නේ කොයි පැත්තෙන්ද කියලා තේරුම් ගන්න අමාරු වුණා. ඒත් මට අවධානය තියාගන්න පුළුවන් වුණා. සිදුවන ඕනෑම දෙයකට මම සූදානමින් හිටියේ. මම මටම කියාගත්තා මම සටන් කරනවා කියලා. මගේ ඒ මානසිකත්වය නිසා තමයි මට අද ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ," යැයි පවසමින් ඇන්ඩ්‍රීවා සිය සතුට පළ කළා.
Related Recomands
Hiru TV News | Programmes