General05 June 2026

කපිල චන්ද්‍රසේනගේ නීතිඥ දෙපල අධිකරණය හමුවේ සාක්ෂි දෙති

අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණ සාක්ෂියට අදාලව වැඩිදුර සාක්ෂි විභාගය ලබන 9 වන දින යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (05) නියෝග කළා.

සිද්ධියට අදාල 19,20 සහ 23 සාක්ෂිකරුවන් වන ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතීඥ උදාර මුහන්දිරම් සහ කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා න ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් කුමාරසිරි බණ්ඩාර අද (05) අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙනු ලැබුවා.

සිද්ධියට අදාල තවත් සාක්ෂිකරුවන් වන සාක්ෂි අංක 25 සහ 26 යන සාක්ෂිකරුවන්ගේ සාක්ෂි කැඳවීම මීළඟ දිනට කල් තැබුවා.
Related recommendation
Hiru TV News | Programmes