International05 June 2026

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු පාලන කොටසේ වායු කාන්දුවක් : ගගනගාමීන්ට හදිසි ඉවත් වීමේ නියෝග

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) රුසියානු පාලන කොටසේ පවතින අවදානම් වායු කාන්දුවක් නිවැරදි කරමින් සිටි ගගනගාමීන්ට වහාම තම යානය තුළට වී ආරක්ෂා වන ලෙසත්, හදිසි ඉවත් වීම් (Evacuation) ක්‍රියාවලියක් සඳහා සූදානම් වන ලෙසත් ඇමරිකාවේ නාසා (NASA) ආයතනය නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම කක්ෂගත පර්යේෂණාගාරයේ රුසියානු මොඩියුලයේ පවතින වායු කාන්දුව යථා තත්ත්වයට පත් කිරීමට රුසියානු ගගනගාමීන් මේ වන විට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින අතර, තත්ත්වය බරපතළ වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් නාසා ආයතනය විසින් පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස මෙම හදිසි නියෝගය නිකුත් කර තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes