පසුගියදා විශේෂ අවශ්‍යතා සහිත වැඩිහිටියන් ඇතුළු පිරිසක් රැඳී සිටි හොරණ බටගොඩ සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ ගින්නට හසුව මියගිය සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගියා.
තවත් 6 දෙනෙකු තවදුරටත් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
2026 පෙබරවාරි 06 දිනැති ලිපියක් මඟින් ආබාධිත පුද්ගලයින් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය (NSPD) වෙත මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරිය විසින් යොමු කර ඇති වාර්තාවකින් කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව මෙම මහා ඛේදවාචකය සිදුවීමට පෙර මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරිය විසින් මෙම නිවාසය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකර ඇති අතර එහිදී අතිශය බරපතල තත්ත්වයන් රැසක් අනාවරණය වී තිබුණා.
ආබාධිත තැනැත්තන් සඳහා වූ ජාතික මහා ලේකම් කාර්යාලය වෙත නිල වශයෙන් වාර්තා කර තිබූ විමර්ශන වාර්තාවට අනුව, උපරිම ධාරිතාව 15 දෙනෙකු සඳහා පමණක් වුවද, මෙම නිවාසය තුළ කාන්තාවන් 28 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 20 දෙනෙකු ඇතුළුව නේවාසිකයින් 48 දෙනෙකු අධික තදබදයක් යටතේ රඳවා තබා තිබෙනවා.
එහිදී එකම ඇඳෙහි නේවාසිකයින් දෙදෙනෙකු බැගින් නිදාගෙන ඇති අතර, ඇතැම් අයට ඇඳන් පවා නොමැතිව බිම නිදා ගැනීමට සිදුව තිබූ බවයි හෙළිව ඇත්තේ.
එමෙන්ම, මෙම නිවාසය තුළ දරුණු ලෙස දුර්ගන්ධයක් හැමීම, අපිරිසිදු වටපිටාව, නේවාසිකයින් ගණනට සාපේක්ෂව වැසිකිලි සහ නානකාමර පහසුකම් ප්‍රමාණවත් නොවීම මෙන්ම එහි සෞඛ්යාරක්ෂිතභාවය පිළිබඳ පාලනාධිකාරිය කිසිදු සැලකිල්ලක් නොදැක්වීම ද මෙම විමර්ශනයේදී අනාවරණයවී තිබෙනවා.
නිවාසය පිටුපස ආරක්ෂිත වැටක් නොමැති වීම හේතුවෙන් මානසික රෝගී නේවාසිකයින් ඉන් පැන යාමේ දැඩි අවදානමක් පැවති අතර, වඩාත්ම සැකකටයුතු කරුණ වූයේ මෙම ගින්න හට ගැනීමට පෙර ද ඉතා කෙටි කාලයක් ඇතුළත මෙම නිවාසය තුළ අබිරහස් මරණ කිහිපයක්ම සිදුවී තිබීමයි.
කිසිදු රාජ්‍ය නියාමනයක් හෝ විධිමත් පරීක්ෂාවකින් තොරව පෞද්ගලික අංශයේ මැදිහත්වීම මත පමණක් පවත්වාගෙන ගිය මෙම රැකවරණ නිවාසයේ සිදුවූ දරුණු නොසැලකිලිමත්කම හේතුවෙන් අසරණ මිනිස් ජීවිත 13ක් අහිමි වූ අතරම 2024 මාර්තු 10 වැනිදා මෙම නිවාසයේ කාන්තාවක් අනාරක්ෂිත වලකට වැටි මියයාමේ සිද්ධියක් හිරු ප්රවෘත්ති විකාශය තුලින් ද වාර්තා කර තිබෙනවා.
අදාල වාර්තාවේ සඳහන් කරුණු සියල්ල පහතින්,
01. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 649 බටගොඩ ග්‍රාම නිලධාරී වසමේ පවත්වාගෙන යනු ලබන මව්පිය සෙවණ සෙනෙහසේ කැදැල්ල නිවාසය, මානසික රෝගීන් සඳහා නේවාසික රැකවරණය සලසන නිවාසයක් ලෙස ක්‍රියාත්මක වේ. කළුතර, දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේරුපිට ආබාධික නිවාසයට අනුබද්ධව එක්සත් සරණ සේවා පදනම් මගින් පවත්වාගෙන යන මෙය, 2024 නොවැම්බර් මස ආරම්භ කළ එකකි.
02. ආරම්භයේ දී, මානසික රෝගී කාන්තාවන් සඳහා පමණක් වෙන් වුණු මෙම නිවාසය, මේ වන විට මානසික රෝගී පිරිමි පුද්ගලයන්ට ද රැකවරණය සැලසීම සිදු කරයි. මෙම නිවාසය සම්බන්ධයෙන් සිදු කරන ලද නිරීක්ෂණ අනුව, භාරකරුවන් සිටින, මුදල් ගෙවීම සිදු කරන පුද්ගලයන් ද, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙන් ම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා යොමු කරන භාරකරුවන් නොමැති රෝගීන් ද මෙහි නේවාසිකව සිටියි. ඒ අනුව, මේ වනවිට කාන්තා නේවාසිකයන් 28 දෙනෙකු සහ පිරිමි නේවාසිකයන් 20 දෙනෙකු මෙහි රැඳී සිටියි. දහවල් කාලයේ දී මෙම නේවාසිකාගාර පරිශ්‍රයේ ම අවට ගත කරනු ලබන පිරිමි නේවාසිකයන්, රාත්‍රී කාලයේ දී එම වසමේ ම කුළී පදනම මත ලබාගත් වෙනත් නිවසක් වෙතට යොමු කරනු ලැබේ.
03. මෙම නේවාසිකාගාරයේ උපරිම ධාරිතාව නේවාසිකයන් 15 දෙනෙකු සඳහා පමණක් වන අතර, එකම ඇඳ නේවාසිකයන් දෙදෙනෙකුට වෙන්වන අවස්ථා මෙන්ම ඇඳක් නොමැතිව සිටින නේවාසිකයන්ද නිවාසය තුළ නිරීක්ෂණය වේ. එසේම, නිවාපය ඇතුළත දැඩි දුර්ගන්ධයක් මෙන්ම අපිරිසිදු බවක්ද නිරීක්ෂණය වේ. නේවාසිකයන් ගණනට සාපේක්ෂව පවතින වැසිකිළි සහ නානකාමර ප්‍රමාණය ද ප්‍රමාණවත් නොවන බව පෙනී යන අතර, නේවාසිකාගාරයේ සෞඛ්යාරක්ෂිතභාවය පවත්වාගෙන යාමට ද ප්‍රමාණවත් උත්සාහයක් නොගන්නා බව ද නිරීක්ෂණය වේ. නිවාසය පිටුපස ආරක්ෂිත වැටක් නොවීම හේතුවෙන් නේවාසිකයන් නිවාසයෙන් පැනයාම් ද වාර්තා වන අතර මානසික රෝගී පුද්ගලයන් බැවින් එය අවට සමාජ සුරක්ෂිතභාවයට ද බලපෑම් ඇති කරනු ලැබේ. එසේම, නිවාසය තුළ කෙටි කාල සීමාවක් ඇතුළත මරණ කිහිපයක් ම සිදු වී ඇති බවට ද වාර්තා වී ඇත.
04. කොට්ඨාසය තුළ පවත්වාගෙන යනු ලබන සමාජ සුභසාධනය පදනම් කරගත් ආයතනයක් වන බැවින්, මෙම නිවාසය වසම් භාර නිලධාරීන්, සමාජ ස්වා නිලධාරි සහ වනිතා සංවර්ධන නිලධාරි මඟින් මෙන්ම මා විසින් ද වරින් වර අධික්ෂණය සිදු කරන ලදී. එම සෑම අධීක්ෂණ අවස්ථාවක දී ම, ධාරිතාව ඉක්මවා නේවාසිකයන් ඇතුළත් කර නොගන්නා ලෙසත් අභ්‍යන්තර හා බාහිර පරිසරය ක්‍රමවත්ව, සෞඛ්‍යාරක්ෂිතව හා පිරිසිදුව පවත්වාගෙන යන ලෙසත් නේවාසිකයන්ට ප්‍රමාණවත් පහසුකම් සලසන ලෙසත් උපදෙස් ලබා දෙනු ලැබූව ද, එම උපදෙස් අනුව කෙටි කාලයක් කටයුතු කර, නැවත සුපුරුදු ගැටළුකාරි පිළිවෙලට පවත්වාගෙන යාම මෙම නිවාසයේ සාමාන්‍ය ස්වභාවය බවට පත්ව ඇත.
05. ප්‍රදේශයේ රාජ්‍ය ආයතන, පොලිසිය මෙන්ම ගම්වාසීන්ගෙන් ද, අනාරක්ෂිත ලෙස පවත්වාගෙන යනු ලබන මෙම නේවාසිකාගාරය සම්බන්ධයෙන් නිරන්තරයෙන් ලැබෙන පැමිණිලි මත විවිධ අවස්ථාවල දී, නිවාසයේ පාලන අධිකාරිය කැඳවා, සාකච්ජා කර අවශ්‍ය උපදෙස් ලිඛිතව ලබා දීම ද සිදු කර ඇතත්, සුරක්ෂිත ලෙස මෙම නේවාසිකාගාරය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට අසමත්ව ඇත.
06. මානසික සෞඛ්‍ය විද්‍යායතනය, විවිධ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මෙන්ම පෞද්ගලික භාරකරුවන් මඟින් යොමු කරනු ලබන මානසික රෝගීන් කිසිදු නියාමනයකින් හා විධිමත් අධීක්ෂණයකින් තොරව භාර ගනිමින්, පෞද්ගලික පදනමෙන් පවත්වාගෙන යනු ලබන මෙම නිවාසය මඟින් ඉදිරියේදී මෙම කොට්ඨාසය තුළ විවිධ සමාජ ගැටළු රාශියක් උද්ගතවීමේ හැකියාවක් පවතින අතර, මෙම ගැටළු නිරන්තර අධීක්ෂණය කිරීමේ හැකියාවක් මෙම කාර්යාලයට නොමැති බැවින්, මෙම නිවාසය සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා ඔබගේ කාරුණික අවධානයට යොමු කරමි.

Latest News
"සුරේෂ් සලේ මරණය දක්වා මාරාන්තික උපවාසයක!": රැඳවුම් භාරයේ සිදුවන දස වද ගැන ගම්මන්පිලගෙන් දැවැන්ත හෙළිදරව්වක්
Local
06 June 2026
ඉන්දීය T20 ක්‍රිකට් නායකත්වයට අයියර් පත්වෙයි: සූර්යකුමාර් යාදව් සංචිතයෙන්ම ඉවතට!
Local
06 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න: පස් දෙනෙකුගේ මරණ පරීක්ෂණ අවසන්
Local
06 June 2026
‘Ice Age: Boiling Point’ පූර්ව ප්රචාරක පටය එළිදක්වයි
Local
06 June 2026
රාගම රෝහලේ වැටලීම ගැන GMOA විරෝධය
Local
06 June 2026
සහරා කාන්තාරයේදී ලොරි රථයක් ක්‍රියාවිරහිත වී පිපාසය දරාගත නොහැකිව 49 දෙනෙකු ජීවිතක්ෂයට
Local
06 June 2026
බොරැල්ලේ හොර කච්චේරියක් වටලයි: හොර සීල් තොගයක් මාට්ටු
Local
06 June 2026
බටගොඩ සෙනෙහසේ කැදැල්ලේ අබිරහස් මරණ රැසක්ම සිදුවෙලා: NSPD වෙත යැවූ වාර්තාවකින් හෙළිවේ
Local
06 June 2026
සේප්පුවේ යතුරත් අරන් පලාගිය වැලිකඩ පොලිස් සැරයන්ගේ වැඩ තහනම්
Local
06 June 2026
මැදපෙරදිග අර්බුදය නිසා ලාංකිකයින් ලක්ෂ 13ක් දැඩි ආහාර හිඟයකට මුහුණ දීමේ අවදානමක්
Local
06 June 2026