General06 June 2026

සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක: රැඳවුම් භාරයේ සිදුවන දස වද ගැන ගම්මන්පිලගෙන් දැවැන්ත හෙළිදරව්වක්

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ තමන් රඳවා සිටින බන්ධනාගාරය තුළ තමන්ට එල්ල වන දැඩි පීඩනයන්ට සහ අසාධාරණයන්ට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

සලේ වෙත ජනාධිපතිවරයාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් විසින් අමානුෂික ලෙස සලකන බවටත්, ඔහුට දරාගත නොහැකි බවටත් පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතීඥ උදය ගම්මන්පිල මීට සුළු මොහොතකට පෙර මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කර සිටියා.
Related recommendation
Hiru TV News | Programmes