විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ දින 100කට වඩා රඳවා තබාගැනීම හා කෲර ලෙස සැලකීම සම්බන්ධයෙන් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය දැඩි කනස්සල්ල ප්‍රකාශ කරනවා.
ඒ අනුව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය රජයෙන්, පොලිස්පතිවරයාගෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අදාළ බලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීම් කිහිපයක් ඉල්ලා තිබෙනවා.
සුරේෂ් සලේ සහ සියලු PTA රඳවියන්ට සුදුසු චිකිත්සක පරිසරයක ස්වාධීන, පුළුල් වෛද්‍ය සහ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සහ පවුලේ සාමාජිකයින් හා නීතිඥ උපදේශ සඳහා නිතිපතා ප්‍රවේශය සහතික කරන්න යැයි ඉල්ලනවා.
සියලු රැඳවියන් වහාම වෘත්තීය පළපුරුද්දක් සහිත අධිකරණ බලධාරීන්ට ඉදිරිපත් කර හඳුනාගත හැකි කරුණු සහිත නම් ඔවුන්ට චෝදනා ගොනු කරන ලෙස හෝ එසේ නොවේ නම් ඔවුන් නිදහස් කරන ලෙසද ඉල්ලා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථානුකූල සහ ජාත්‍යන්තරව අත්සන් කර ඇති සම්මුතිවලට අනුකූලව සියලු රැඳවුම් ස්ථානවල වධහිංසා, අයහපත් සැලකීම් සහ අත්තනෝමතික රඳවා ගැනීම්වලට එරෙහිව මූලික ආරක්ෂාව සහතික කළ යුතු බවද එහි සඳහන්.
අධිකරණ අධීක්ෂණයකින් තොරව දීර්ඝ රැඳවුම් සඳහා ඉඩ සලසන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන ඉවත් කිරීම හා අර්ථවත් ප්‍රතිසංස්කරණ හෝ පනත අවලංගු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලෙසද ඉල්ලා තිබෙනවා.
ඒ අනුව කෲර හිංසා වැලැක්වීමේ යාන්ත්‍රණය ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, රජයේ බලධාරීන් සහ ඉදිරියේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත එක්සත් ජාතීන්ගේ දූත පිරිස සමග තොරතුරු සැපයීමට සහ වධහිංසා වැළැක්වීමේ යාන්ත්‍රණ ශක්තිමත් කිරීමට දායකත්වය සැපයීමට ෆ්‍රී ලෝයර්ස් සංවිධානය සූදානම් බවද පවසනවා.
සුරේෂ් සලේ නඩුව තනි හුදෙකලා සිද්ධියක් නොවන බවත් එය පුද්ගලයින්ගේ අභිමානයට සහ අයිතිවාසිකම්වලට තර්ජනයක් වන පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන ‘රඳවා ගැනීමේ රාමුවේ පද්ධතිමය දුර්වලතා’ පිළිබඳ පිළිබිඹුවක් බවයි එම සංවිධානය පවසන්නේ.
මේ අතර යුක්තිය පසිඳළීමේ ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය යථා තත්ත්වයට පත් කිරීමට සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට රජය විසින් ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බවයි ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පෙන්වා දෙන්නේ.
එමෙන්ම අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින සුරේෂ් සලේ සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය අනුව 2026 මැයි 4 වැනිදා ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මාර්ගයෙන් ඉදිරිපත් කරන ලද වෛද්‍ය පරීක්ෂණ වාර්තාව (MLEF අංක 50/2026) මගින් හෙළිවන කරුණු එම සංවිධනය උපුටා දක්වනවා.
පැය 24 පුරා ආලෝකමත් කරන ලද (අඩි 6 අඟල් 4 x අඩි 4 පමණ) ක කුඩා සිරකුටියක දින 40ක් පමණ බිම නිදා ගැනීමට සිදුවීම, කැරපොත්තන් සහ මීයන් සිටීම, වැසිකිළි ප්‍රවේශය සීමා කිරීම, දඬුවම් කුටියක රාත්‍රී 4ක් තැබීම, අවමන් සහගත ශරීරය පරීක්ෂා කිරීම, ශාරීරික බලපෑම් අතර මාස 2කින් කිලෝ 6-7ක බර අඩුවීම, සමේ රෝග, පෝෂණ ඌනතා ඇතුළත් විටමින් ඩී ඌනතාව, සුළු වශයෙන් ඉහළ ගිය රුධිර සීනි හා කොලෙස්ටරෝල්, උග්‍ර වූ හිසරදය පැවතීම එහි සඳහන්.
මානසික සෞඛ්‍ය බලපෑම අතර දරුණු අවපාත තත්ත්වයක්, කාංසාව සහ පශ්චාත් කම්පන ආතති ආබාධ ලක්ෂණ හඳුනාගෙන ඇති අතර අධිකරණ මනෝ වෛද්‍යවරයා මේවා වධහිංසා හෝ අයහපත් සැලකීම්වලට “විශේෂ ලක්ෂණ” ලෙස විස්තර කර තිබෙනවා.
එය සියදිවි නසාගැනීමේ ඉහළ අවදානමක් ඇති බවටද සඳහන් අතර අභ්‍යන්තර බිඳවැටීම, දුර්භීති සිහින, ආහාර රුචිය නැතිවීම, වරදකාරී හැඟීම් සහ නිරන්තර ආතතිය ඔහුගෙන් වාර්තා වී ඇති බව සඳහන්.
උග්‍ර බාහිර තුවාල නොමැති නමුත් නඩු විභාගයට සුදුසු බවත් වාර්තාව සඳහන් කළ ද, සුදුසු පරිසරයක වෛද්‍ය සහ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ලබාදීමේ හදිසි අවශ්‍යතාව අවධාරණය කරනවා.
පොලිසිය සලේට සාමාන්‍ය ලෙස සලකන බව පවසන අතර PTA රැඳවුම්වල අයහපත් සැලකීම් සහ නොසලකා හෑරීම, ආහාර ලබානොදීම, ත්‍රස්ත පනතේ විධිවිධාන මගින් විධිමත් චෝදනා නොමැතිව වසරකට වඩා පරිපාලනමය රඳවා ගැනීමට අවස්ථාව පවතී.
මේ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබන පුද්ගලයින් සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර සංවිධානවල අවධානයට යොමු විය යුතු බවයි එම සංවිධානය පවසන්නේ.

Latest News
පෞද්ගලික බස් ධාවනය සීමාවකින් තොරව ඉදිරියට
Local
08 June 2026
යතුරුපැදියක් පාරෙන් ඉවතට පෙරළී 19 හැවිරිදි තරුණයෙක් මරුට
Local
08 June 2026
Hayleys Mobility වෙතින් සුපිරි JAECOO J5 HEV Premium Hybrid SUV රථය මෙරටට
Local
08 June 2026
පිලිපීන භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට
Local
08 June 2026
දියණියට පහරදීම ඉවසාගත නොහැකි වූ පියා බෑණාට පොලෙන් ගසා ඝාතනය කරයි
Local
08 June 2026
සුරේෂ් සලේ සිද්ධිය: 'ෆ්‍රී ලෝයර්ස්' සංවිධානයෙන් රජයට සහ පොලිස්පතිට විශේෂ ඉල්ලීම් කිහිපයක්
Local
08 June 2026
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි
Local
08 June 2026
කළුතර - වෙට්ටුමකඩ වෙඩි තැබීමට තවත් අයෙක් අත්අඩංගුවට
Local
08 June 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 341.04ක් ලෙස සටහන් වෙයි
Local
08 June 2026
ජාත්‍යන්තර සාගර දිනය අදයි - ජාතික සැමරුම දියත උයනේදී
Local
08 June 2026