අම්පාර දිස්ත්රික්කයේ මහඔය පොලිස් බල ප්රදේශයට අයත් මඩකලපුව - චෙංකල්අඩි මාර්ගයේ ඇහැලගස් හන්දිය ප්රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තරුණයෙක් බරපතල තුවාල ලබා ඇති බව මහඔය පොලිසිය පවසනවා.
ඊයේ (07) රාත්රී 11.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුර සිදුවූ සැණින් ප්රදේශවාසීන් තුවාලකරුවන් දෙදෙනා මහඔය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
එහිදී එක් තරුණයෙකු මියගොස් ඇති අතර, බරපතල තත්ත්වයේ පසු වූ අනෙක් තරුණයා වැඩිදුර ප්රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉද්දපොළ පාර, හරස්තල, මහඔය ලිපිනයේ පදිංචිව සිටි අත්තනායක මුදියන්සේලාගේ ප්රගීන් හර්ෂ මධුසංඛ (19) නමැති තරුණයායි.
බරපතල තුවාල ලබා මඩකලපුව රෝහලේ ප්රතිකාර ලබන්නේ කැකිරිහේන, මහඔය ලිපිනයේ පදිංචි සරත් නිශ්ශංක කුමාරලාගේ සෙනුක මධුශාන් (18) නමැති තරුණයා බව පොලිසිය පවසනවා.
මහඔය දෙස සිට පදියතලාව දෙසට ධාවනය වෙමින් තිබූ මෙම යතුරුපැදියේ වේගය පාලනය කර ගැනීමට එහි පැදිකරුට නොහැකි වීමෙන් එය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය විසින් සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
Latest News
මෙම වසරේ මෙතෙක් ඩෙංගු රෝගීන් 37,000ක්: මර්දනය සඳහා තෙදින ජාතික වැඩසටහන කොළඹින් ඇරඹේ
Local
08 June 2026
පෞද්ගලික බස් ධාවනය සීමාවකින් තොරව ඉදිරියට
Local
08 June 2026
යතුරුපැදියක් පාරෙන් ඉවතට පෙරළී 19 හැවිරිදි තරුණයෙක් මරුට
Local
08 June 2026
Hayleys Mobility වෙතින් සුපිරි JAECOO J5 HEV Premium Hybrid SUV රථය මෙරටට
Local
08 June 2026
පිලිපීන භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට
Local
08 June 2026
දියණියට පහරදීම ඉවසාගත නොහැකි වූ පියා බෑණාට පොලෙන් ගසා ඝාතනය කරයි
Local
08 June 2026
සුරේෂ් සලේ සිද්ධිය: 'ෆ්රී ලෝයර්ස්' සංවිධානයෙන් රජයට සහ පොලිස්පතිට විශේෂ ඉල්ලීම් කිහිපයක්
Local
08 June 2026
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්යග්රහය ආරම්භ වෙයි
Local
08 June 2026
කළුතර - වෙට්ටුමකඩ වෙඩි තැබීමට තවත් අයෙක් අත්අඩංගුවට
Local
08 June 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 341.04ක් ලෙස සටහන් වෙයි
Local
08 June 2026