General10 June 2026

විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයකට සලේ ඉදිරිපත් කරනවාද යන්න ගැන අධිකරණ නියෝගය අද

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විශේෂඥ මානසික වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම පිළිබඳව නියෝගය අද (10) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

පසුගිය 04 වැනිදා සුරේෂ් සලේ වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ ඊට අදාළ නියෝගය අද ප්‍රකාශයට පත් කරන බවයි.

මේ අතර, තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැදවුම් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගොනුකර ඇති රිට් පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා හෙට යළි කැඳවීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes