කොටි ත්රස්තවාදීන් විසින් නැගෙනහිර පළාතේදී නිරායුධ පොලිස් නිලධාරීන් සමූහ වශයෙන් ඝාතනය කර අදට (11) වසර 36ක් ගතවීම නිමිත්තෙන්, මියගිය පොලිස් රණවිරුවන් සිහිපත් කිරීමේ ප්‍රධාන ගුණසමරු උත්සවය අම්පාර පොලිස් අධිකාරී කාර්යාලීය පොලිස් ස්මාරකය අසලදී පවත්වනු ලැබුවා.
මෙම අනුස්මරණ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල සහභාගි වූ අතර, අම්පාර කොට්ඨාස වැඩබලන නිලධාරී සහකාර පොලිස් අධිකාරී නුවන් දන්තනාරායන විසින් නියෝජ්‍ය පොලිස්පතිවරයාව පිළිගනු ලැබුවා.
ගුණසමරු උත්සවයේ කටයුතු සර්ව ආගමික වතාවත් පැවැත්වීමෙන් ආරම්භ වූ අතර, අනතුරුව අම්පාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අතින් පොලිස් කොඩිය අඩකුඹු කිරීම සිදු වුණා.
ඉන්පසු පොලිස් ස්මාරකය වෙත නිල පොලිස් උත්තමාචාර පැවැත්වීමෙන් අනතුරුව, නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මල්දමක් තබා රණවිරු ස්මාරකය වෙත තම උපහාරය දක්වනු ලැබුවා.
පසුව අම්පාර කොට්ඨාස වැඩබලන නිලධාරී සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් නිලධාරීන් ද රණවිරු ස්මාරකයට මල් තබා උපහාර දැක්වීමට කටයුතු කළා.
මෙම අවස්ථාවට සහභාගි වූ උසස් පොලිස් නිලධාරීන්ට අමතරව, එදා සිදු වූ එම දරුණු ඛේදවාචකයෙන් ජීවිතක්ෂයට පත් වූ පොලිස් නිලධාරීන්ගේ ආදරණීය දෙමාපියන් සහ දරුවන් ද හැඬූ කඳුළින් යුතුව ස්මාරකය වෙත මල් තබමින් තම ඥාතීන් වෙනුවෙන් උපහාර පැවැත්වීම සංවේදී දසුනක් වුණා.
මෙහිදී අදහස් දැක්වූ අම්පාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේ, මෙම ඛේදවාචකය සමස්ත පොලිස් ඉතිහාසය තුළ සදාකාලිකවම අමතක නොවන සිදුවීමක් බවයි.
මෙම ගුණසමරු අවස්ථාව සඳහා අම්පාර සහකාර පොලිස් අධිකාරී (2) බණ්ඩාර දිසානායක, මහඔය සහකාර පොලිස් අධිකාරී සුජීව ප්‍රියන්ත බණ්ඩාර සහ පොතුවිල් සහකාර පොලිස් අධිකාරී එම්. දයාරත්න ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.
Latest News
මීරිගම විදුලි උපකරණ අලෙවිසැලක හදිසි ගින්නක්
Local
20 July 2026
පරාජය හමුවේ ආජන්ටිනාවේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අත්අඩංගුවට
Local
20 July 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ගැන නීතිඥ සංගමය, අධිකරණ ඇමතිට දෙවන වරටත් ලියයි
Local
20 July 2026
2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
Local
20 July 2026
මුදල් කොමිෂන් සභාවට නව සභාපතිවරියක් සහ සාමාජිකයින් පත් කෙරේ
Local
20 July 2026
වාහන තුනක් එකට ගැටී අනතුරක්: දෙදෙනෙක් රෝහලේ
Local
20 July 2026
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පොලිස් ආචාර වෙඩිමුර මැද අවසන් ගමන් යයි
Local
20 July 2026
හිටපු පොලිස්පතිගේ මරණය: ගිනි අවිය ඇතුළු නඩු භාණ්ඩ රස පරීක්ෂක වෙත යැවීම සඳහා ඉදිරිපත් කරන්න - අධිකරණයෙන් පොලිසියට නියෝග
Local
20 July 2026
කාන්තාවක් සමග පැවැත්වූ සබඳතාවක් හේතුවෙන් සිංගප්පූරු ඉස්ලාම් කටයුතු ඇමති ඉල්ලා අස්වෙයි
Local
20 July 2026
නවදිල්ලි නුවර ශ්‍රී ලාංකේය ආහාර උළෙලක්: දේශීය රසයන්ගෙන් ඉන්දීය වැසියන් පිනවයි
Local
20 July 2026