පාසලක වැසිකිලියකට මුල්ගල තැබූ බව පවසමින් තමන්ට එල්ල වන විවේචනවලට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී අම්බිකා සැමුවෙල් ඊයේ (11) පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස ප්‍රතිචාර දැක්වූවා.
එහිදී ඇය අවධාරණය කළේ, තම දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න අනාගතයක් වෙනුවෙන් එවැනි දේකට වඩා "පහත්" යැයි සම්මත ඕනෑම කාර්යයක් කිරීමට තමන් සූදානම් බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය සඳහන් කළේ, වසර 76ක් තිස්සේ පාලකයන් ඉටු නොකළ මූලික අවශ්‍යතාවන් ඉටු කිරීම ජාතික ජන බලවේගයේ රජයේ වගකීමක් බවයි.
කඳුකර ජනතාව මෙවර මැතිවරණයේදී පරණ නායකයන් ප්‍රතික්ෂේප කර තමන් වැනි සාමාන්‍ය පුද්ගලයන් පාර්ලිමේන්තුවට එවනු ලැබුවේ සැබෑ System Change අපේක්ෂාවෙන් බව මන්ත්‍රීවරිය පෙන්වා දුන්නා.
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන පොරොන්දුව ඉටු කිරීමේදී මහා පරිමාණ ව්‍යාපෘතිවලට පමණක් සීමා නොවී, බිම් මට්ටමේ පවතින අත්‍යාවශ්‍ය මූලික අවශ්‍යතාවලින් මෙම ගමන ආරම්භ කිරීමට සිදුව ඇති බවද මන්ත්‍රීවරිය සඳහන් කළා.
වැසිකිලි මුල්ගල තැබීම සම්බන්ධයෙන් සමහරුන් කරන සමච්චල් කිරීම් පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරිය කියා සිටියේ, පසුගිය වසර 76 පුරා කිසිදු මන්ත්‍රීවරයකු නොකළ ආකාරයට තමන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවයි.
"අපරාධකරුවන් වෙනුවෙන් පාරට බැස උපවාස කරන සහ සිරගෙවල්වලට ගොස් ඔවුන්ගේ සුවදුක් විමසන අයට වඩා, මගේ දරුවන්ගේ සෞඛ්‍යමය අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම මට ආඩම්බරයක්" යැයි ඇය විපක්ෂයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කළා.
වැසිකිලි ඉදිකිරීමට අමතරව, වත්මන් රජය යටතේ කඳුකරයේ ආපදාවලට ලක් වූ සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව සියලු ජනතාවට නිවාස ආධාර ලබා දීමටත්, පාලම්, බෝක්කු සහ මාර්ග පද්ධති යථා තත්ත්වයට පත් කිරීමටත් දැනටමත් පියවර ගෙන ඇති බවද මන්ත්‍රීවරිය සභාවට දැනුම් දුන්නා.
"අපි කියපු දේ අපි කරනවා" යනුවෙන් අවධාරණය කළ අම්බිකා සැමුවෙල්, සමාජ ජීවන තත්ත්වය ඉහළ නංවමින් රට ඉදිරියට ගෙන යාමට ජාතික ජන බලවේගය කැපවී සිටින බව ද වැඩිදුරටත් සඳහන් කළා.

Latest News
හදිසියේ මිලදී ගත්ත 05 වැනි ගල් අඟුරු නැවත් බාලයි - බලශක්ති ඇමති
Local
12 June 2026
සමන් ලාල් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් අගෝස්තු 28 යළි කැඳවයි
Local
12 June 2026
වැඩි මිලට කීරි සම්බා විකුණු අයෙකුට ලක්ෂ දහයක දඩයක්
Local
12 June 2026
හිටපු පොලිස්පති පූජිත්ගේ නඩු තීන්දුව, ජූලි 31
Local
12 June 2026
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ 45 වන සහ 46 වන සැකකරුවන් නම් කරයි
Local
12 June 2026
නවසීලන්ත සුපිරි පිතිකරු කේන් විලියම්සන්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
Local
12 June 2026
ජී-7 සමුළුව අතරතුර මෝදි සහ ට්‍රම්ප් අතර හමුවක්!
Local
12 June 2026
කෝටි 5ක මත්ද්‍රව්‍ය එක්ක තරුණයෙක් රත්මලානේ දී අත්අඩංගුවට
Local
12 June 2026
ශ්‍රීලන්කන් ගොඩගන්න හාන්ස්ගේ ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක්
Local
12 June 2026
"අපි සිල් ගත්ත නයි නෙවෙයි.. අනවසරයෙන් කඩා පැනලා හරි මේ ආණ්ඩුව රකිනවා": කඩුවෙල නගරාධිපති
Local
12 June 2026