General13 June 2026

රට හදන්න අපිට ශක්තිය තියෙනවා.. බලය දුන්නොත් කරලා පෙන්වන්නම් - හිටපු ජනපති මහින්ද

රටේ ජනතාව අදවන විට ජීවත් වන්නේ ඉතා අසීරුවෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

අද (13) පැවති 'මෙහෙවරක ප්‍රණාමය' උත්සව අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

"මං හිතන්නෙ නෑ දැන් ජනතාව එදාවේල කන්නවත් පුළුවන් තත්ත්වයක ඉන්නේ කියලා. අපිට ශක්තියක් තියෙනවා. බලය දුන්නොත් අපි කරලා පෙන්වන්නම්" යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes