General14 June 2026

ඉංගිරිය පොලිසියේ සැරයන්වරයකු නිල නිවාසය අසල බිම වැටී මියගිහින්

ඉංගිරිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙක් බට නිවාසය අසල බිම වැටී මියගොස් සිටියදී සොයා ගත් බව ඉංගිරිය පොලිසිය පවසනවා.

ඊයේ (13) උදෑසන 6.00 ට පමණ පොලිසිය අසල මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකු මෙම සිදුවීම දැක පොලිසියට දැනුම් දී තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

පොලිස් නිලධාරින් පැමිණ පරීක්ෂා කර බලන විටත් ඔහු මිය ගොස් සිට ඇති අතර සිරුර ඉංගිරිය රෝහල වෙත රැගෙන යෑමට කටයුතු කර තිබූ බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ පොලිස් සැරය්න් (41091) ඉන්ද්‍රජිත් මුදලිගේ නමැති 57 හැවිරිදි වියේ පසුවෙන හොරණ, රත්නපුර පාර, සව්ගස් හන්දිය ප්‍රදේශයේ පදිංචි නිලධාරියෙක් බවයි පොලිසිය පැවසුවේ.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ දී ඊයේ (13) සවස පවත්වා ඇති අතර, අවසන් කටයුතු හෙට (15) සිදුකෙරන බවයි පොලිසිය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes