මදුරු කීටයන් වැඩිපුරම පාසල්වලින්
දිවයින පුරා දැනට පවතින දැඩි අවදානම් ඩෙංගු රෝගී තත්ත්වය මර්දනය කිරීමේ අරමුණින් රාජ්‍ය ආයතන, සෞඛ්‍ය අංශ සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන "ජාතික ඩෙංගු මර්දන සතිය" හෙට (15) සිට ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මෙම විශේෂ මර්දන සතිය ජූනි 20 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.
මේ පිළිබඳව සියලුම අංශ දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්ගේ ප්‍රධානත්වයෙන්, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍යවරුන් සහ පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (14) පැවැත්වුවා.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් අවධාරණය කළේ ඩෙංගු රෝගය අප ජීවත්වන වටපිටාව ආශ්‍රිතව නිර්මාණය වන්නක් බැවින්, මහජනතාවගේ සෘජු දායකත්වයකින් තොරව සෞඛ්‍ය අංශවලට හෝ රජයේ ආයතනවලට පමණක් මෙය මර්දනය කළ නොහැකි බවයි.
සාමාන්‍යයෙන් මෙරට සතියකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1,000කට ආසන්න වුවද, මේ වන විට එම සීමාව ද ඉක්මවා ගොස් රෝගීන් වාර්තා වීම ගුණිතයක ආකාරයෙන් සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ, වෛද්‍ය ජගත් අමරසේකර මෙහිදී හෙළි කළා.
මේ හේතුවෙන් දෛනිකව රෝහල්ගත වන රෝගීන් සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින අතර, එය සෞඛ්‍ය අංශවල ධාරිතාවය ඉක්මවා ගියහොත් මරණ සංඛ්‍යාව ද ඉහළ යා හැකි බව ඔහු අනතුරු ඇඟවූවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා කියා සිටියේ, මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගයෙන් මියගිය අය අතර කුඩා දරුවන්, තරුණයින් සහ කාන්තාවන් ද සිටින බවයි.
රටේ අනාගත පරපුර, ශ්‍රම දායකත්වය සපයන තරුණ ප්‍රජාව මෙන්ම දරුවන්ට මව්වරුන් අහිමි වීම ඉතා කනගාටුදායක තත්ත්වයක් බවයි හෙතෙම සඳහන් කළේ.
ඩෙංගු මර්දන ඒකකයේ කීට විද්‍යාඥ සකුන්තලා ජානකී පෙන්වා දුන්නේ, මේ දක්වා සිදුකළ පරිශ්‍ර පරීක්ෂාවලදී මදුරු කීටයන් සිටින ස්ථානවලින් වැඩිම ප්‍රතිශතයක් එනම් 41.8%ක්ම වාර්තා වී ඇත්තේ පාසල් ප්රමුඛ අධ්‍යාපන ආයතනවලින් බවයි.
මේ වන විට කීට ඝනත්වය සහ මදුරුවන් බෝවන ස්ථාන 28,913ක් හමු වී ඇති අතර, ඉන් 26%ක්ම ඉවතලන ද්‍රව්‍යවලින් ද, 14%ක් තාවකාලිකව ඉවත් කළ අයිතිම සහිත වඩා වැඩියෙන් මදුරුවන් බෝවන ප්‍රධාන ස්ථාන බව ඇය පැවසුවා.
මේ අතර ශ්‍රී ලංකා පොලිසියේ පරිසර ආරක්ෂණ කොට්ඨාශයේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා සඳහන් කළේ මදුරුවන් බෝවීමේ වැඩි සම්භාවිතාවක් ඇති ඉදිකිරීම් පරිශ්‍රයන් තුළ කීටයන් හමු වුවහොත් ඒ පිළිබඳ පරිසර පොලිසියට පැමිණිලි කළ හැකි බවයි.
එහිදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98 වන වගන්තිය යටතේ අදාළ පරිශ්‍රයට එරෙහිව මහේස්ත්‍රාත්වරයෙකුගෙන් තහනම් නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසුවා.
හෙට (15) සිට ජූනි 20 වැනිදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වන වැඩසටහන පහත පරිදි වේ:
• ජූනි 15 සිට 17 දක්වා (සඳුදා - බදාදා): නගර, කාණු පද්ධති, වෙළඳ සංකීර්ණ, ආගමික ස්ථාන සහ බස් නැවතුම්පොළ ඇතුළු පොදු ස්ථාන පිරිසිදු කිරීම.
• ජූනි 18 (බ්‍රහස්පතින්දා): පාසල්, පෙර පාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන පරිශ්‍ර පිරිසිදු කිරීම.
• ජූනි 19 (සිකුරාදා): සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්තශාලා පරිශ්‍ර පිරිසිදු කිරීම.
• ජූනි 20 (සෙනසුරාදා): පෞද්ගලික නිවාස සහ නිවාස අවට පරිශ්‍රයන් පිරිසිදු කිරීම.
Latest News
අමෙරිකා - ඉරාන සාම ගිවිසුමේ සහයට කටාරයත් පැමිණෙයි
Local
14 June 2026
අලුත්ගමදී මුහුදේ නෑමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් දිය රළකට හසුවී ජීවිතක්ෂයට
Local
14 June 2026
තාමත් හොරකම් සිදුවෙන නිසා මිනිස්සු අපිට බනිනවා - ලාල්කාන්ත
Local
14 June 2026
ඔක්තෝම්බර් - නොවැම්බර් ලංකාවට ලොකු ගංවතුරක් එනවා - කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
Local
14 June 2026
පොසොන් උත්සවයට තවමත් රජයෙන් කිසිම සූදානමක් නෑ - මිහින්තලා විහාරාධිපති
Local
14 June 2026
ඩී. එස්. පිල පරදා විද්‍යා විද්‍යාලයට 37-36 ක තියුණු ජයක්
Local
14 June 2026
කළින්ට වඩා මේ සැරේ ඩෙංගු දරුණුයි.. ගොඩාක් අයට හැදෙන්න පුළුවන්.. - සෞඛ්‍ය නි. ඇමති
Local
14 June 2026
කෝපායි පොලිසිය විවෘත කෙරේ
Local
14 June 2026
රට පුරා ඩෙංගු දැඩි අවදානමක: මර්දන සතිය හෙට සිට ඇරඹේ!
Local
14 June 2026
පේරාදෙණිය රෝහලේ නවීකරණය කළ හදිසි අනතුරු ඒකකය සහ ප්‍රධාන රසායනාගාරය විවෘත කෙරේ:
Local
14 June 2026