General14 June 2026

ඔක්තෝම්බර් - නොවැම්බර් ලංකාවට ලොකු ගංවතුරක්! - කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

එල් නිනෝ කාලගුණ තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවල ලංකාවට ගංවතුරක් ඇතිවිය හැකි බවට පුරෝකතනය කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ (අනාවැකි) අජිත් විජේමාන්න පවසනවා.

මේ වන විට දුර්වල එල් නිනෝ තත්ත්වයක් පැවතුනද එය ක්‍රමයෙන් වර්ධනය වී නොවැම්බර් මාසයෙන් පසු ප්‍රබල හෝ අති ප්‍රබල එල් නිනෝ තත්ත්වයකට පත්වනු ඇතැයි පුරෝකතන කරන බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

දෙසැම්බර්,ජනවාරි,පෙබරවාරි කාලයේදී එල් නිනෝ තත්ත්වය අති ප්‍රබල තත්ත්වයකට යාමේ සම්භාවිතාව 60%කට වඩා වැඩිවනු ඇති බවද ඔහු පවසා සිටියා.

දුර්වල, මධ්‍යස්ථ,ප්‍රබල, ඉතා ප්‍රබල ආදී ලෙස එල් නිනෝ තත්ව වර්ග කර තිබෙන අතර, මේ වන විට පවතින්නේ දුර්වල තත්ත්වයක එල් නිනෝ තත්ත්වයක් බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes