දෙවැන්න හෙට පිළියන්දල දී
දුම්කොළ හා දුම්කොළ නිෂ්පාදන භාවිතයට යොමුවීම වැළැක්වීම සහ දැනට භාවිත කරන්නන් ඉන් මුදා ගැනීම සඳහා "කෙටිකාලීන මැදිහත්වීම" මනෝ විද්‍යාත්මක ප්‍රවේශය සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල බලගැන්වීමේ පුහුණු වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්යක්ෂ, වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම පවසනවා.
මෙම විශේෂ වැඩමුළු මාලාවේ පළමු වැන්න අද (15) පෙරවරුවේ කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන බවයි ඇය පැවසුවේ.
මෙහි ප්‍රධාන සම්පත් දායකයා ලෙස මනෝ වෛද්‍ය විශේෂඥ ප්‍රභාත් වික්‍රම ඊට එක්වෙනු ඇති.
විනාඩි කීපයක් තුළ දුම්කොළ භාවිතයේ හානිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු දැනුවත් කර, ඔහු හෝ ඇය තුළ දුම්කොළ භාවිතය පිටුදකින චර්යාත්මක වෙනසක් සිදු කිරීමේ හැකියාව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබා දීමේ මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක් ලෙස මෙම පුහුණුව හැඳින්විය හැකි බව බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂවරිය සඳහන් කළා.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් ඇතුළු ක්ෂේත්‍ර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙම පුහුණු වැඩසටහන සඳහා එක් වෙනු ඇති.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය, මනෝ වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය, මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) සහ කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය ඒකාබද්ධව මෙම පුහුණු වැඩමුළුව සංවිධානය කර තිබෙනවා.
මෙම වැඩමුළු මාලාවේ දෙවැනි වැඩමුළුව හෙට (16) පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
Latest News
තෙල්දෙණිය රෝහල ආසන්නයේ රථගාලක මෝටර් රථයක් තුල තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනේ
Local
17 June 2026
52 වැනි ජී-7 සමුළුව අතරතුර මෝදි - ට්‍රම්ප් හමුවක්
Local
17 June 2026
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අත්අඩංගුවට ගැනීමේ තීරණයක් නෑ: පෙත්සම් විභාගය අවසන්!
Local
17 June 2026
''ආශු අපේ කෙනෙක් නෙමෙයි'' - එක්සත් ජාතික පක්ෂය
Local
17 June 2026
යෝෂිතට ඇප - රට ගමන් තහනම්
Local
17 June 2026
ගෝඨාභයගේ පෙත්සම කරුණු තහවුරු කිරීමට හෙට යළි කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග
Local
17 June 2026
යෝෂිත අධිකරණයට රැගෙන එයි
Local
17 June 2026
උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192කට හෙට ස්ථිර පත්වීම්
Local
17 June 2026
ඩොලර් මිලියන 808ක ගෙවුම් ශේෂ විෂමතාව සම්බන්ධයෙන් දිනන දකුණ සාමූහිකයෙන් අනතුරු ඇඟවීම්
Local
17 June 2026
ඩෙංගු මරණ 27 දක්වා ඉහළට - සෞඛ්‍ය අංශවලින් රතු එළි
Local
17 June 2026