ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට ඇතුළත් වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (17) නියෝග කළා.
සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය එම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසට අධිකරණ රෙජිස්ට්රාර්වරයට නියම කළා.
අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අද (17) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග නිකුත් කෙරුණා.
ඉකුත් 2006 වර්ෂයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය හට නිලධාරීන් බඳවා ගැනීමේ දී, බඳවා ගැනීම සඳහා නියමිත සුදුසුකම් සපුරා නොමැතිව, විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු වශයෙන් බැඳීම සහ එතෙක් පැවති ක්‍රමවේදයට පරිභාහිරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් වැය කර සහභාගිවීමට අවස්ථාව සලසා ගැනීම තුළින් ‘දූෂණය” වරදට ආධාර අනුබල දීම යන චෝදනාව මත නාවික හමුදාවේ හිටපු නාවික හමුදා නිලධාරියෙකු වූ යෝෂිත කණිෂ්ක රාජපක්ෂ යන අය අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ.
එවකට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන දෙදෙනා විසින් කරන ලද කුමන්ත්‍රණයක් මත සති 2ක් ඇතුළත රජයට හැට දෙලක්ෂ අසු එක්දාහස් හාරදාස් දෙසිය දහසයක පාඩුවක් කරමින් බ්‍රිතාන්‍ය රාජකිය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවට සුදුසුකම් නොමැතිව මෙම සැකකරු සහභාගී වී ඇති බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ.
Latest News
52 වැනි ජී-7 සමුළුව අතරතුර මෝදි - ට්‍රම්ප් හමුවක්
Local
17 June 2026
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අත්අඩංගුවට ගැනීමේ තීරණයක් නෑ: පෙත්සම් විභාගය අවසන්!
Local
17 June 2026
''ආශු අපේ කෙනෙක් නෙමෙයි'' - එක්සත් ජාතික පක්ෂය
Local
17 June 2026
යෝෂිතට ඇප - රට ගමන් තහනම්
Local
17 June 2026
ගෝඨාභයගේ පෙත්සම කරුණු තහවුරු කිරීමට හෙට යළි කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග
Local
17 June 2026
යෝෂිත අධිකරණයට රැගෙන එයි
Local
17 June 2026
උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192කට හෙට ස්ථිර පත්වීම්
Local
17 June 2026
ඩොලර් මිලියන 808ක ගෙවුම් ශේෂ විෂමතාව සම්බන්ධයෙන් දිනන දකුණ සාමූහිකයෙන් අනතුරු ඇඟවීම්
Local
17 June 2026
ඩෙංගු මරණ 27 දක්වා ඉහළට - සෞඛ්‍ය අංශවලින් රතු එළි
Local
17 June 2026
පාස්කු ප්‍රහාර සිද්ධියට තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ගෝඨාභයගේ පෙත්සම දහවල තෙක් කල් තැබෙයි
Local
17 June 2026