General15 June 2026

ගෝනෙකු මස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

මද්දක් අටවා ගෝනෙකු ඝාතනය කර මස් අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙකු බගවන්තලාව පොලිසිය මගින් අද (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බගවන්තලාව චැපල්ටන් තේ වත්තේ එන්.සී. කොටසේදී සැකකරුවන් විසින් මද්ද අටවා ගෝනාව අල්ලාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනය කළ ගෝනාගේ මස් වතු කම්කරුවන්ට අලෙවි කරන බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත වැටලීමක සිදු කර තිබුණා.

එහිදී බගවන්තලාව නගරයේ ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරිම සඳහා මස් කිලෝ 10ක් පොලිතීන් උරයක බහා රැගෙන යමින් සිටියදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

සැකකරුවන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes