General16 June 2026

ත්‍රී රෝද රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක්

කටුනායක සිට තලවකැලේ ලිදුල දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් රියැදුරු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

ඊයේ (15) දින පස්වරු 4:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කැරොලිනා වත්ත ප්‍රදේශයේදීයි.

රියදුරුට නින්ද යෑම නිසා ත්‍රීරෝද රථය රියදුරුගේ පාලනයෙන් මිදි ප්‍රපාතයට පෙරලී මෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන වටවල පොලිසියේ නිළධාරින් කියා සිටියේ.

අනතුරින් ත්‍රීරෝද රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes