ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වීම් ලැබූ වෛද්‍ය පරිපාලනය පිළිබඳ ප්රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර ඊයේ (15) ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි සිය කාර්යාලයේදී නිල වශයෙන් රාජකාරී කටයුතු ආරම්භ කරන කළා.
මෙම තනතුරට පත් වූ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මීට පෙර බදුල්ල, රත්නපුර, පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල, පොළොන්නරුව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල, මහරගම අපේක්ෂා රෝහල යන ආයතනවල අධ්යක්ෂවරයා ලෙස මෙන්ම වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා ලෙස ද කටයුතු කර ඇති අත්දැකීම් බහුල නිලධාරියෙක්.
දීර්ඝ කාලයකට පසු ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ධූරය ඇතුළු බොහෝමයක් තනතුරු සඳහා ස්ථිර නිලධාරියකු පත් කරනු ලැබීම විශේෂත්වයක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
නව නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ධූරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වීමෙන් පසු පැවති උත්සව සභාව අමතමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, රුපියල් මිලියන 12,000ක පිරිවැයක් වැය කරමින් අති නවීන පහසුකම්වලින් සමන්විත මහල් 16කින් යුත් දැවැන්ත හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ජාතික රෝහල් පරිශ්‍රය තුළ ස්ථාපිත කරන බවයි.
මෙහි ඉදිකිරීම් කටයුතු මෙම වර්ෂයේදීම ආරම්භ කර වසර තුනක් ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, මෙම නව මධ්‍යස්ථානය ඉදිකිරීම් අවසන් කර ක්‍රියාකාරී මට්ටමට ගෙන ඒමේ සුවිශේෂී වගකීම නව රෝහල් අධ්යක්ෂවරයාට පැවරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
Latest News
යෝෂිත රාජපක්ෂගේ පෙත්සම පිළිබඳ අභියාචනාධිකරණ නියෝගය ජූලි 03 වැනිදා
Local
16 June 2026
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන්නැයි ඉල්ලා ගෝඨාභයගෙන් පෙත්සමක්
Local
16 June 2026
ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වැඩ අරඹයි!
Local
16 June 2026
ඉන්දියාවේ ''ටෙලිග්‍රෑම්'' ජුනි 22 දක්වා අවහිර කෙරේ
Local
16 June 2026
ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ ලක්විජය බලාගාරය නිරීක්ෂණය කරයි
Local
16 June 2026
රට වටා රන්මාල කොල්ලකෑ අයෙක් කඩුවක් සහ රන්ගුලි 9ක් එක්ක අත්අඩංගුවට
Local
16 June 2026
ත්‍රී රෝද රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක්
Local
16 June 2026
Micro Cars සභාපති ආචාර්ය ලෝරන්ස් පේරේරාට නවෝත්පාදන හා ජීවිත කාල සම්මාන
Local
16 June 2026
මාලිමා ආණ්ඩුව නිසා අද ජනතාවට තුන්වේල කන්න බැරි තත්ත්වයක් උදාවෙලා - නාමල් රාජපක්ෂ
Local
16 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 338.22ක් ලෙස සටහන් වෙයි
Local
16 June 2026