ගාල්ල ප්රදේශයේ පුද්ගලයකු විසින් නීතිවිරෝධී ලෙස උපයා ගන්නා ලද මුදල්වලින් මිලදී ගෙන තිබූ රුපියල් ලක්ෂ 450කට අධික වටිනාකමකින් යුතු දේපොළක් දින හතක් සඳහා ක්රියාවිරහිත (තහනමට) කිරීමට ගාල්ල මහේස්ත්රාත් අධිකරණය ඊයේ (17) නියෝග කර තිබෙනවා.
ඒ, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගනිමින්.
උඩුමුල්ල, බටපොළ ප්රදේශයේ පදිංචි සැකකරුවෙක් විසින් නීතිවිරෝධී ලෙස උපයා ගන්නා ලද මුදල්වලින් ඔහුගේ බිරිඳගේ නමින් මෙම ඉඩම් මිලදී ගෙන ඇති බව හෙළි වී ඇතැයි පොලිසිය පවසනවා.
සැකකරු නිතිවිරෝධී අයුරින් මෙම මුදල් උපයා ඇති බවට ලද පැමිණිල්ලකට අනුව මූලික විමර්ශන ආරම්භ කර තිබුණේ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින්.
එහිදී සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණය වූ කරුණුවලට අනුව, ඉදිරි විමර්ශන කටයුතු සඳහා මෙම පැමිණිල්ල නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත යොමු කෙරුණු අතර, එම කොට්ඨාසය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනවලදී තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇතැයි ද පොලිසිය පවසනවා.
ඒ අනුව, උඩුමුල්ල, බටපොළ ප්රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 100ක් පමණ වටිනා, අක්කර 4 ½ ක ප්රමාණයකින් යුතු ඉඩමක්, එම ප්රදේශයේම පිහිටි රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා, පර්චස් 54ක ප්රමාණයකින් යුතු කුරුඳු ඉඩමක් සහ කිඹුල්ලාපිටිය, උඩුමුල්ල ප්රදේශයේ ඉදිකර ඇති රුපියල් ලක්ෂ 300ක් පමණ වටිනාකමකින් යුතු දෙමහල් නිවසක් මෙලෙස ක්රියා විරහිත කිරීමට අධිකරණයෙන් නියෝග නිකුත් වී තිබුණා.
Latest News
පාසල් රග්බි: රෝයල් පරදා ශාන්ත පීතරයින්ට ජය
Local
20 June 2026
හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග දිවයිනට පැමිණෙයි
Local
20 June 2026
දකුණු අප්රිකාවේ HIV මර්දනයට අමෙරිකානු මුදල් නවතී
Local
20 June 2026
අධිවේගී මාර්ග ආසන පටි නීතිය: සවි කර ගැනීමට තවත් මාස 3ක සහනයක්
Local
20 June 2026
"අපේ ප්රමුඛතාව ජනතාවට උපරිම සහන ලබාදීමයි" - ඉන්ධන මිල අඩු කරමින් පාකිස්ථානු අගමැති කියයි
Local
20 June 2026
ඉන්ධන QR ක්රමය ඉවත් කිරීමට තීරණයක් ගෙන නැහැ: සංස්ථාව කියයි
Local
20 June 2026
කැලණි ගඟේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයා ගැනේ
Local
20 June 2026
සීනි, තෙල් සහ සැකසූ මස් වර්ග සහිත ආහාර පාසල් ආපනශාලාවල විකිණීම තහනම්
Local
20 June 2026
මැලේසියානු විවෘත මලල ක්රිඩා තරගාවලිය: හර්ෂ කරුණාරත්නට රන් පදක්කමක්
Local
20 June 2026
අධිකරණ ඇමති චෙම්මණි සමූහ මිනීවල බලන්න යයි
Local
20 June 2026