General18 June 2026

ඩෙංගු තවාන් දැමු ගොතටුවේ පුද්ගලයන් 136කට සහ ආයතන 23කට ලක්ෂ 16යක දඩ

මදුරුවන් බෝවීමට සැලැස්වීමේ චෝදනාව මත මේ මස තුළ පුද්ගලයන් 136කට සහ ආයතන 23ක් වටලා දහසය ලක්ෂ හැත්තෑ දහසක (16,70000/=) දඩ මුදලක් නියම කළ බව ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසනවා.

මෙම මස තුළ ගොතටුව බල ප්‍රදේශය කරන ලද වැටලීම්වලින් මදුරුවන් බෝවීමට සැලැස්වීමට කටයුතු කළ පුද්ගලයන් 186ක් සහ ආයතන 23 ක් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම දඩ මුදල් නියම වූ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂා කරමින් පෙන්වා දෙන්නේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්. ඩී. දර්ශිමා ප්‍රේමරත්න විසින් මෙම දඩ මුදල් නියම කර තිබුණා.

ඩෙංගු මැදුරුවන් බෝවන ස්ථාන සොයා තවදුරටත් වැටලිම් සිදු කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුවන් දන්නා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes