රජයට අයත් සයුර නෞකාව එම සමාගමට අඩු ලන්සුවකට බදු දී පාඩුවක් කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ඇතුලු දෙදෙනෙකු ඇපමත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා නියෝග කළා.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු සභාපති නිලංග රූපසිංහ සහ චතුරිකා සත්සරණි යන සැකකරුවන් මෙසේ ඇප මත මුදා හැරිණි.
සැකකරුවන්ට රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනම් කරන බවට ද නියෝග කළා.
සිද්ධියට අදාලව වැඩිදුර අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම පවසා සිටියේ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සතු කැණීම් යාත්‍රාවක් වන සයුරු කැණීම් යාත්‍රාව ඩයිනා හාබර් සමාගම සහ winocean marine සමාගමට අවිධිමත්ව බදු දීමෙන් සංස්ථා සභාපති ඇතුලු නිලධාරීන් එක් සමාගමකින් විශාල ලෙස කොමිස් ලබා ගෙන 2023 අංක 29 වගන්තිය යටතේ දුෂණය නමැති වරද කර ඇති බවයි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කියා සිටියේ ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පළමු සැකකරු එම සංස්ථාවට අයත් රුපියල් මිලියන දාහක් පමණ වටිනා සයුර නෞකාව තමන් විසින්ම අටවාගත් සමාගමකට අඩු මුදලකට බදු දී රජයට පාඩු සිදුකර ඇති බවය.
සැකකරු විසින් වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනයේ ආරක්ෂක රැකියාවක් කරන 55 හැවිරිදි පුද්ගලයකුගේ නමින් සමාගම ලියාපදිංචි කර ඇති බවත්, අදාළ පුද්ගලයාට පාපැදියක් හැර වෙනත් කිසිදු දේපලක් නොමැති බවට සඳහන් කර ඇති බවත් පැවසීය.
දෙවෙනි සැකකාරිය එම නැව් ආයතනයේ සේවිකාවක් බවද සඳහන් කළා.
ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් සයුර නෞකාව මගින් වරායේ වැලි ඉවත් කිරීම සිදුකරන බවත්, එම නෞකාව යාපනයේ තලෙයියාඩි සමාගමක් වෙත බැහැර කර මෙම වංචාව සිදුකොට ඇති බව පැවසුවා.
අදාළ නැව බදු දීමෙන් රජයට රුපියල් මිලියන 22 ක පාඩුවක් සිදුවී ඇති බවට අනාවරණය වන බවත්, දෙවන සැකකාරියගේ ගිණුමට රුපියල් ලක්ෂ 27 ක් බැර වී, අදාළ වංචාවට ආධාර අනුබල දී ඇති බවට අනාවරණය වන බවත් පැවසුවා.
විමර්ශනය සිදු කරන බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද ඉල්ලා සිටියා.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරල කරුණු දක්වමින් කියා සිටියේ පැමිණිල්ල සඳහන් කරන ආකාරයේ වංචාවක් සිදු වූ බවට කිසිදු විමර්ශනයකින් අනාවරණය කර නොමැති බවය.
සැකකරු අදාළ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ 2021-2024 කාලසීමාව තුළදී පාඩු ලැබූ ආයතනය ලාභ ලබන තත්ත්වයකට පත්කර ඇති බවද පැවසීය. සයුරු නෞකාව දිරාපත් වෙමින් තිබියදී එය පිළිසකර කොට බදු දීමට හැකි පරිදි සකසන ලද්දේ සැකකරු විසින් බවත් කෙසේ වෙතත් මෙම අවස්ථාවේ ඇප පනත ප්‍රකාරව සැකකරුට ඇප ලබා නොදීමට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොවන බැවින් ඇප ලබාදෙන ලෙසද ඉල්ලා සිටියා.

Latest News
ස්පයිඩර් මෑන් ප්රචාරක චාරිකාව ඇරඹෙයි - විවාහයෙන් පසු සෙන්දයා සහ ටොම් හොලන්ඩ් පළමු වරට එකට කරළියට
Local
18 June 2026
සූගීෂ්වර බණ්ඩාර ජුලි 01 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
18 June 2026
''උද්ධමනය 2-3% දක්වා අඩු කරන්න'' රවීගෙන් විශේෂ ආර්ථික යෝජනාවලියක්
Local
18 June 2026
සයුර නැව තමාගේම සමාගමකට බදු දී රජයට පාඩු කළැයි ධීවර සංස්ථාවේ හිටපු සභාපති ඇතුලු දෙදෙනෙකුට ඇප
Local
18 June 2026
''රජයේ අනුමැතිය නැතිව කිසිම වැඩසටහනකට පාසලේ ඉඩ නෑ'' අගමැතිනියගෙන් දැඩි නියෝගයක්
Local
18 June 2026
කේප් වර්ඩ් ගෝල් රකින්නාගේ මවට අමෙරිකානු වීසා බලපත්‍රයක් හිමිවෙයි
Local
18 June 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 50.23කින් ඉහළට
Local
18 June 2026
ඩෙංගු තවාන් දැමු ගොතටුවේ පුද්ගලයන් 136කට සහ ආයතන 23කට ලක්ෂ 16යක දඩ
Local
18 June 2026
පාස්කු ප්‍රහාර සිද්ධියට තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ගෝඨාභයගේ පෙත්සම 24 තෙක් කල් තැබෙයි
Local
18 June 2026
ගොවියා රජ කරවනවා කියා බලයට පත් වූ රජය අද ගොවි ජනතාව විනාශ කර අවසන් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
18 June 2026