ව්‍යාජ වෛද්‍යවරියක ලෙස පෙනී සිට විදේශ රටවලින් ඖෂධ ආනයනය කර ඔසුසැල් වෙත ලබාදෙන නියෝජිතයෙකු ලෙස රඟපාමින්, ජනතාව මුළාකොට රුපියල් කෝටි 5කට ආසන්න මුදලක් ලබාගත් බව කියන කාන්තාව හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ විසින් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අද (18) නියෝග කළා.
හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය මුදල් වංචාව, සාවද්‍ය පරිහරණය සහ විශ්වාසය කඩකිරීම යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එහිදී පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නේ සැකකාරිය සතුව රජයේ වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වූ කිසිදු සහතිකයක් නොතිබූ බවයි.
ඇය සතුව තිබී ඇත්තේ ව්‍යාජ ආයුර්වේද වෛද්‍ය සහතිකයක් සහ රජයේ වෛද්‍ය හැඳුනුම්පතක් ලෙස සකස් කළ ව්‍යාජ පිටපතක් පමණක් බවත්, මැය පුද්ගලයන් විශාල පිරිසකගෙන් මෙලෙස මුදල් ලබාගෙන ඇති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන මෙතෙක් අවසන් වී නොමැති බැවින් සැකකාරිය රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි උත්පල අතුකෝරල, නලින් ඉඹුලගොඩ සහ රොෂාන් දෙහිවල යන නීතිඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ, සිවිල් වැරදි සහ අපරාධ වැරදි වෙන්කර හඳුනාගත යුතු බවයි.
යමෙකු ණයට ගත් මුදලක් ගෙවා ගැනීමට නොහැකි වූ පමණින් එය අපරාධමය වරදක් නොවන බවත්, සැකකාරිය මෙම සියලු මුදල් ලබාගෙන ඇත්තේ වාහනයක් සහ දේපළ ඇපයට තබා බවත් ඔවුහු පෙන්වා දුන්නා.
එමෙන්ම පොලිසිය පවසන මුදල් ප්‍රමාණයෙන් විශාල මුදලක් පොලී වශයෙන් පැමිණිලිකරුවන්ගේ ගිණුම්වලට බැර කර ඇති බවත්, සැකකාරියට මුදල් වංචා සම්බන්ධයෙන් පෙර වැරදි නොමැති හොරණ ගුරුගොඩ පදිංචිකාරියක බැවින් ඇයට ඇප ලබාදෙන ලෙසත් නීතිඥවරු ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, වෙන් වෙන්ව පවතින චෝදනා දෙකකට රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් ද, අනෙක් චෝදනාව සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් ද බැගින් සැකකාරියට නියම කළා.
මීට අමතරව, සෑම මාසයකම අවසාන ඉරු දින හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත වාර්තා කළ යුතු බවට සැකකාරියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය, නඩුව නැවත සැප්තැම්බර් මාසයේ 13 කැඳවීමට ද නියෝග කළා.
Latest News
රුමේෂ් තරංග ගැන හෙටත් බලාපොරොත්තුවක්
Local
18 June 2026
කෝටි 5ක වංචාවේ "ව්‍යාජ වෛද්‍යවරියට" දැඩි කොන්දේසි මත ඇප
Local
18 June 2026
පිටියේදී ඇති කරගත් ගැටුම නිසා වෛභව් සූර්යවංශිට දැඩි විනය පියවර? අවසන් තීරණය BCCI අතේ
Local
18 June 2026
රට පුරා මාරක රිය අනතුරු පහකින් හය දෙනෙක් ජීවිතක්ෂයට!
Local
18 June 2026
මැදවච්චියේ සැලූන් හිමිකරුවකුට තියුණු ආයුධයකින් පහර දුන් සැකකරු අත්අඩංගුවට
Local
18 June 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ කටුවාවල දෙමහල් නිවෙස සහ ඉඩම තහනමට: සැකකාරිය හෙට (19) තෙක් රිමාන්ඩ්
Local
18 June 2026
රොබින් හුඩ්ගේ සැඟවුම්පොළ ලෙස ප්‍රකට, බ්‍රිතාන්‍යයේ වසර 1200ක් පැරණි සුප්‍රසිද්ධ 'මේජර් ඕක්' වෘක්ෂය මියයයි
Local
18 June 2026
''මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කරන්න ටික කාලයක් යනවා'' - ඇමති ආනන්ද විජේපාල
Local
18 June 2026
ස්පයිඩර් මෑන් ප්රචාරක චාරිකාව ඇරඹෙයි - විවාහයෙන් පසු සෙන්දයා සහ ටොම් හොලන්ඩ් පළමු වරට එකට කරළියට
Local
18 June 2026
සූගීෂ්වර බණ්ඩාර ජුලි 01 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
18 June 2026