General18 June 2026

උප තැපැල් ස්ථානාධිපති 192කට ස්ථිර පත්වීම්

ශ්‍රී ලංකා තැපැල් සේවාවට 1,955 දෙනෙකු ඉකුත් මාස 18ක් තුළ බඳවාගෙන ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

දීර්ඝ කාලයක සිට වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් වශයෙන් කටයුතු කළ 192ක් සඳහා ස්ථීර පත්වීම් පිරිනැමූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මේ අතර ලබන මස පළමු දින තැපැල් සේවා නිලධාරින් 303 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බව සඳහන්.

ඒ සමග එම සම්පූර්ණ ප්‍රමාණය 2,258ක් වන බවද අමාත්‍යවරයා පැවසුවා.
Related recommendation
Hiru TV News | Programmes