General18 June 2026

ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් පද්ධතියට දරාගන්න බෑ - සෞඛ්‍ය ඇමති

ඩෙංගු රෝගීන් මීට වඩා වැඩි වුණොත් ඒක රටේ රෝහල් පද්ධතියට දරාගන්න බැරිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

එසේ වුවහොත් රෝගී සත්කාර බිඳවැටී අර්බුදයකට යා හැකි වුවත් පවතින තත්ත්වය තවමත් පාලනය කර ගත හැකි බවයි ඔහු පවසන්නේ.

ඔහු මේ බව පැවසුවේ ඩෙංගු අවදානම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පාසල් පද්ධතිය තුළ පරීක්ෂාවට ලක්කළ ස්ථාන අනුව සියයට 41ක මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගත් බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම රාජ්‍ය ආයතන, කර්මාන්ත්ශාලා සහ ආගමික ස්ථාන ආශ්‍රිතවද සියයට 25ත් 27ත් අතර ප්‍රමාණයක ඩෙංගු කීටයන් බෝවන බවට තහවුරු වී ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
Related recommendation
Hiru TV News | Programmes