General19 June 2026

ලංකාවේ තියෙන්නෙ වී කාටේලයක්: මේක ජාත්‍යන්තර නීතිය හමුවට ගෙන යා යුතුයි - සුරේන් රාඝවන්

පිටරටවල තෙල් සහ මත්ද්‍රව්‍ය කාටේල මෙන් මේ රටේ වී කාටේලයක් තිබෙන බවත් ගොවියන්ගේ දුක මතින් ඔවුන් කෝට්පතියන් වීම නිර්ලජ්ජිත බවත් හිටපු රාජ්‍ය ඇමති සුරේන් රාඝවන් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (18) රාත්‍රීයේ විකාශය වූ හිරු ටීවි බලය වැඩසටහනට එක්වෙමින්.

රජය වෙන්කරන මුදලෙන් ගන්න පුලුවන් සියයට 3ක් හෝ 4ක්නම් වී ටික ඉතුරුවා එයාලට භාර දෙනවානම් ආසියාවේ ලොකුම ගබඩා තියාගෙන අවශ්‍ය මිල එනකම් තියාගෙන ඉන්න එක සාරධර්ම නැති බවද ඔහු පැවසුවා.

මේ සම්බන්ධයෙන් මුදල් වියදම් කළ හැකි කෙනෙක් ඉන්නවානම් මෙය ජාත්‍යන්තර නීතිය හමුවට ගෙනයා යුතු බවයි ඔහු කියා සිටියේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ සුරේන් රාගවන්,

''අපි බිස්නස් කරනවා, ලාභ ලබනවා හෙලිකොප්ටර් ගන්නවා රොල්ස් රොයිස් ගන්නවා රාගවන් උඹට පාන්ද කියලා අහන්න එපා මගෙන්... මොකද කතා කරන්න බැරි මිලියන දෙකක ජනතාවක් මේ රටේ ඉන්නවා... අමුඩ ගස්සපු ගොවීන් පිටකොටුවට ගෙනාවේ අප නොව ඒ ගොල්ලන්. මේ සම්බන්ධයෙන් රජය කුමක්ද කරන්නේ ?''
Related recommendation
Hiru TV News | Programmes