General19 June 2026

ඩයස්පෝරාව ලංකාව කෑලි දෙකකට කඩනවා - උවිඳු විජේවීර

''ඩයස්පෝරාව එකතුවෙලා ලංකාව කෑලි දෙකකට කඩන වැඩේ මේ මොහොහොතේ තියෙන ලොකුම ප්‍රශ්නයක්'' බව උවිඳු විජේවීර පවසනවා.

ඩයස්පෝරාව මැදිහත් වෙලා ජාත්‍යන්තරය මැදිහත් වෙලා තව තව අයත් මැදිහත් වෙලා මේ ආණ්ඩුවත් පාවිච්චි කරමින් ගිවිසුම් අත්සන් කරමින් ඒවා කෙරෙන බවයි ඔහු පවසන්නේ.

උවිඳු විජේවීර මේ බව පැවසුවේ ඊයේ රාත්‍රි විකාශය වූ හිරු ටීවී බලය වැඩසටහනට එක්වෙමින්.

''ඩොක්යාඩ් ඉන්දියාවට යනවා. තව දේවල් තව අයට යනවා. එතකොට පැහැදිලිව පේනවා යුද්ධය පරාජය කළාට බෙදුම් වාදය පරාජය වෙලා නෑ. මේ රට දෙකට කඩන වැඩේ වෙන පැත්තකින් ලස්සනට යනවා අපිට නොතේරී'' යැයිද ඔහු කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ උවිඳු විජේවීර,

''රුසියාවේ ඉතිහාසය සාහිත්‍ය ගැන කියවපු පාලකයෝ ඉන්න ආණ්ඩුවකට තාම බැරිවෙලා තියෙනවා රුසියාවෙන් දෙන සහන තෙල් ටික ගන්න.
රුසියාවෙන් ලංකාවට තෙල් දෙන්න ඉතාම හොඳ සාධනීය යෝජනා ප්‍රමාණයක් ගෙනාවා. රුසියාවෙන් තෙල් ගත්තාම වාහන දුවන් නෑලු. ඒ තෙල් ටිකම ඉන්දියාවෙන් ගෙනාවම වාහන දුවනවාලු. මේ සේරම ජාවාරම් සිස්ටම්. මේවත් එක්ක ගොවීන් දැවැන්ත ප්‍රශ්නයක ඉන්නේ. සමාජය දුක් විඳිනවා, ආර්ථික අර්බුදය උත්සන්න වෙලා. මේ සියල්ල ඇතුළේ රට අරාජික වෙනවා. ඒකෙන් කාටද වාසිය යන්නේ... මෙතනට සමාජය ගොනු කරමු''
Related recommendation
Hiru TV News | Programmes