ප්‍රංශයේ පැවැති G7 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රැගත් 'එයාර් ෆෝස් වන්' ගුවන් යානය බ්‍රහස්පතින්දා අලුයම මේරිලන්ඩ් හි ජොයින්ට් බේස් ඇන්ඩෲස් ගුවන් තොටුපළ වෙත ළඟා වූ අතර, එය මෙම සුප්‍රකට ගුවන් යානයේ අවසාන මෙහෙයුම් පියාසර කිරීම ලෙස සටහන් වෙනවා.
ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ පාලන සමයේ සිට මේ දක්වා බලයට පත් වූ සෑම අමෙරිකානු ජනාධිපතිවරයෙකුටම සෙවණ සපයමින් ලොව පුරා රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් රැසකට දායක වූ මෙම යානයේ සමුගැනීම සනිටුහන් කරමින් ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සිය එක්ස් (X) ගිණුම් හරහා ඡායාරූප සමඟින් උපහාර දක්වා තිබෙනවා.
අමෙරිකානු මූල්‍යෝපාය ප්‍රධානියා (Chief of Protocol) වන මොනිකා ක්‍රවුලි සටහනක් තබමින් කියා සිටියේ, "එය වඩාත්ම නවීන යානය නොවූවත් ඉතා සුවපහසු වූ බවත්, ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සිදුකළ සෑම පියාසර කිරීමක්ම සුවිශේෂී වූ බවත්" ය.
එමෙන්ම ධවල මන්දිර සන්නිවේදන අධ්යක්ෂ ස්ටීවන් චියුන්ග් ද යානයේ ඡායාරූපයක් එක් කරමින් "නිද්‍රාශීලී සහ විශ්වාසවන්ත සේවකයාණෙනි, ඔබට සුභ ගමන්!" යනුවෙන් සටහන් කර තිබුණි.
මෙම යානය විශ්‍රාම ගැන්වීමත් සමඟ අමෙරිකානු ගුවන් හමුදාව විසින් තාවකාලික පියවරක් ලෙස කටාර් රාජ්‍යයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත තෑගි කරන ලද වෙනත් බෝයිං 747 යානයක් ජනාධිපති නිල යානා ඇණියට එක් කර ගැනීමට කටයුතු යොදා තිබෙනවා.
මේ වන විට එහි ප්‍රතිසංස්කරණ සහ පරීක්ෂණ පියාසර කටයුතු සාර්ථකව නිමා කර ඇති බවයි වාර්තා වෙන්නේ.
පෙන්ටගන නිලධාරීන්ට අනුව, මෙම කටාර් යානය නවීකරණය කිරීම සඳහා වැය වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 400 ඉක්මවා ගොස් නැහැ.
මෙම නව යානය, මීට පෙර පැවති සාම්ප්‍රදායික "ජැකී කෙනඩි" (Jackie Kennedy) නිල් සහ සුදු වර්ණ රටාව වෙනුවට, රතු, සුදු සහ නිල් යන වර්ණවලින් හැඩගැන්වූ නව සැලසුමකින් යුක්ත වීම විශේෂත්වයක්.
ලබන මාසයේදී පැවැත්වෙන අමෙරිකාවේ 250 වැනි නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව සවුත් ඩැකෝටා හි මවුන්ට් රෂ්මෝර් වෙත සිදුකරන සංචාරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම නව යානයේ සමාරම්භක පියාසර කිරීමට සහභාගී වීමට සැලසුම් කරමින් සිටිනවා.
කටාර් රාජ්‍යයෙන් ලැබුණු මෙම බෝයිං 747 යානය අන්තර්කාලීන පියවරක් (Bridge aircraft) ලෙස භාවිත කෙරෙන අතර, අමෙරිකානු ගුවන් හමුදාව විසින් ඩොලර් බිලියන 5.6ක පිරිවැයකින් ඇණවුම් කර ඇති නවතම ජනාධිපති බෝයිං 747 යානා දෙක නිල සේවයට එක්වන තෙක් මෙය භාවිත කරනු ඇති.
අමෙරිකානු ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ගමන් ගන්නා ඕනෑම ගුවන් හමුදා යානයක් සඳහා 'එයාර් ෆෝස් වන්' යන නිල සංඥා නාමය (Call sign) භාවිත වන බැවින්, මෙහෙයුම් අවශ්‍යතා මත යානා කිහිපයක්ම මේ සඳහා යොදාගත හැකි බවයි.

Latest News
රේගුවට කොළ එපා වෙයි
Local
19 June 2026
වසර 35ක ජනාධිපති නිල සේවය නිමා කරමින් අමෙරිකානු 'එයාර් ෆෝස් වන්' බෝයිං 747 ගුවන් යානය විශ්‍රාම ගනියි
Local
19 June 2026
අමෙරිකාව සහ කටාර් රාජ්‍යය ඉරාන සහාය ඇතිව කළ සාකච්ඡාවකට අනුව සටන් විරාමයකට ඊශ්‍රායලය සහ ලෙබනනයේ ත්‍රස්ත සංවිධානයක් එකඟ වෙයි
Local
19 June 2026
2026 පාසල් රග්බි ලීගය - තර්ස්ටන් විද්‍යාලය පරදා ශාන්ත ජෝසප් විද්‍යාලයට ජය
Local
19 June 2026
2026 පාසල් රග්බි ලීගය - ශ්‍රී සුමංගල විද්‍යාලය පරදා ශාන්ත තෝමස් විද්‍යාලයට දැවැන්ත ජයක්
Local
19 June 2026
ICC සභාපති ජනපති හමු වෙයි
Local
19 June 2026
ඇල්පිටියේ තේ කර්මාන්ත ශාලාවක ගින්නක්
Local
19 June 2026
චීන විදේශ ඇමති ඉන්දියාවට
Local
19 June 2026
ICC සභාපති දිවයිනට පැමිණෙයි
Local
19 June 2026
GTA 6 නිල කවරය සහ පෙර-ඇණවුම් දිනය එළියට
Local
19 June 2026