General19 June 2026

තායිලන්තයේ සිට රුපියල් මිලියන 75ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට ගෙන ඒමට තැත් කළ අයෙකු කටුනායකදී අත්අඩංගුවට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හරිත මාවත" ඔස්සේ රුපියල් මිලියන 75ක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 7.5ක් මෙරටට හොර රහසේ රැගෙන ඒමට උත්සාහ කළ 41 හැවිරිදි ශ්‍රී ලාංකික මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තායිලන්තයේ සිට පැමිණි මෙම සැකකරු ගුවන් තොටුපළ පරිශ්‍රයේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කර සිටින්නේ.
Related recommendation
Hiru TV News | Programmes