International20 June 2026

කුරුළු උණ වෛරසය ඇන්ටාක්ටිකාවටත් : සීල් පැටවුන් දසදහස් ගණනක් මියයයි

දරුණු කුරුළු උණ වෛරසයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවට අයත් ඇන්ටාක්ටික් දූපත්වල වෙසෙන සීල් පැටවුන් දසදහස් ගණනක් මියගොස් ඇති බව වාර්තා වනවා.

විද්‍යාඥයන් විසින් පසුගිය ඔක්තෝබර් සහ ජනවාරි මාසවල රැස් කරන ලද දත්ත විශ්ලේෂණය අනුව මේ බව අනාවරණය වී ඇතැයි සඳහන්.

හර්ඩ් දූපතේ සිටි වූ සීල් පැටවුන්ගේ කණ්ඩායමකින් 13,000ක් පමණ එනම් ගහනයෙන් 75% කට වඩා වැඩි ප්‍රමාණයක් පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes