General20 June 2026

225,748ක් උසස් පෙළට සුදුසුකම් ලබයි: 7,419ක් සියලු විෂයන් අසමත්

2025 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව, උසස් පෙළ සඳහා සිසුන් 225,748ක් සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවසුවා.

අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ.

එසේම විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ, විෂයන් 9ටම A සාමාර්ථ ලබාගත් සංඛ්‍යාව 11,790ක් බවයි.

ඔවුන් අතරින් පාසල් අයදුම්කරුවන් 11,651ක් ද පෞද්ගලික අයදුම්කරුවන් 139ක් ද වන බවයි කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ.

සියලු විෂයන් අසමත් 7,419ක් සිටින බවද ඇය සඳහන් කළා.

තවද, උත්තර පත්‍ර නැවත සමික්ෂණය සඳහා ජුනි 25 වැනිදා සිට ජුලි 08 වැනිදා දක්වා අයදුම් කළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (19) රාත්‍රියේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරුණා.
Related recommendation
Hiru TV News | Programmes