International20 June 2026

දකුණු අප්‍රිකාවේ HIV මර්දනයට අමෙරිකානු මුදල් නවතී

දකුණු අප්‍රිකාවේ HIV මර්දන වැඩසටහන් සඳහා අරමුදල් සැපයීම නතර කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

ඒ, සුදු ජාතික අප්‍රිකානු ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා දකුණු අප්‍රිකානු රජය අපොහොසත්වීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් අදාළ චෝදනාව දකුණු අප්‍රිකාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ HIV මර්දන වැඩසටහන් සඳහා පසුගිය වසර දක්වා අමෙරිකාව විසින් වාර්ෂිකව ඩොලර් මිලියන 400 ක පමණ මුදලක් ජනාධිපති හදිසි අරමුදල හරහා ලබාදී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයට පත්වීමෙන් පසු දෙරට අතර සබඳතා දුර්වල තත්ත්වයකට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes