General20 June 2026

"ලෝකයේ බැස්සට මෙහෙ බස්සන්න බෑ.." : "තෙල් ලීටරේ 400ට දුන්නට හරි නම් 700ක් වෙනවා"

ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ බැස තිබුණත්, එම සහනය මේ මොහොතේ මෙරට ජනතාවට ලබා දීමට නොහැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

මහනුවර මල්වතු - අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිවරිය මේ බව සඳහන් කළා.

මේවන විට වෙළඳපොළේ පවතින්නේ මීට මාස 02කට පමණ පෙර ගෙන්වූ ඉන්ධන බවත්, එම ඉන්ධන විකුණන්නේත් රජයෙන් පිරිවැයක් දරමින් බවත් අගමැතිවරිය පවසා සිටියා.

"අපි දැනටමත් ජනතාවට සහනයක් දීලා තියෙන්නේ. ඇත්ත මිල ගත්තොත් රුපියල් 700ක් පමණ විය යුතුයි, නමුත් රජය බර දරන නිසා එය 400 ගණනකට තබා ගැනීමට හැකි වී තිබෙනවා. තෙල් මිල අඩු වීමේ සහනය ලබා දිය හැකි විගසම එය අනිවාර්යයෙන්ම ජනතාවට ලබා දෙනවා" යැයි අගමැතිවරිය වැඩිදුරටත් සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes