General21 June 2026

"මේවා රජය අපහසුතාවයට පත් කරන කල්ලිවල වැඩ" : දැරණියගල සිද්ධියට නි. ඇමති වටගලගෙන් උත්තර

දැරණියගල පොලිසියට එල්ල වූ ප්‍රහාරය වැනි සිද්ධිවලින් පිළිබිඹු වන්නේ, රජය අපහසුතාවයට පත් කරන කල්ලිවල ක්‍රියාවන් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ,

"සාම නිලධාරීන් ලෙස පොලිසිය කටයුතු කරමින් සිටින වෙලාවේ මත් ජාවාරම්කරුවන් සංවිධානාත්මකව ඇවිල්ලා තමයි ඒ කාරණය ඇතිකළේ. ඒවා අපි නීත්‍යානුකූල රාමුව ඇතුළේ විසඳගන්න කටයුතු කරමින් සිටිනවා.

මේ නීත්‍යානුකූලව කටයුතු කරමින් සිටින ගොඩාක් තැන්වල ‍රජය අපහසුතාවයට පත් කරන්න විවිධ කල්ලි කණ්ඩායම් කටයුතු කරමින් සිටිනවා. ඒවට කිසිසේත්ම අපි ඉඩ තියන්නේ නෑ" යනුවෙන්.
Related recommendation
Hiru TV News | Programmes