General21 June 2026

රිලා සංගණනයේ තොරතුරු තවමත් ලැබිලා නෑ.. වගා හානි තවමත් එලෙසමයි.. - වැවිලි අමාත්‍යාංශ ලේකම්

රුපියල් මිලියන 3.9ක පමණ මුදලක් වැය කරමින් පසුගියදා පැවැත්වූ වනසත්ත්ව සංගණනයේ තොරතුරු මෙතෙක් තමන්ට ලැබී නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ගුණදාස අමරසිංහ පවසනවා.

ඔහු මේ බව අනාවරණය කළේ, රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව රැස්වූ අවස්ථාවේදී වනසත්ත්ව සංගණනය පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු වුණා.

වන සතුන්ගෙන් බෝග වගාවන්ට සිදුවන හානිය තවමත් එලෙසම පවතින බවද ලේකම්වරයා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම එම හානි වැළක්වීමට හෝ අදාළ ගැටළුවට මුහුණ දීමට මෙතෙක් ස්ථිර හෝ නිශ්චිත විසඳුමක් ලැබී නොමැති බවයි ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes