1990 සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ (EMT) දැනුම, කුසලතා සහ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීමේ අරමුණින් කොළඹ විශ්වවිද්‍යාලය මඟින් අලුතින්ම හඳුන්වා දුන් ‘පරිපූරක වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව’ (Diploma in Paramedical Sciences for Emergency Medical Technicians) කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී අද (22) ආරම්භ කෙරුණා.
මෙම ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි එක් වූ අතර, එහි පළමු කණ්ඩායම ලෙස සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන් තිස්දෙනෙකු මෙම පාඨමාලාව හැදෑරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
මාස හයක් (06) පුරා පැවැත්වෙන මෙම ඩිප්ලෝමා පාඨමාලාවට සමගාමීව, මෙම ශිල්පීන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කළේ, 1990 ඇමතුම් අංකය ඔස්සේ නොමිලේ පූර්ව රෝහල් ප්‍රතිකාර සපයමින් මෙරට සියලුම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක “සුවසැරිය” ගිලන්රථ සේවාව තවදුරටත් පුළුල් හා ගුණාත්මක සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය සම්පාදනය කළ මෙම පාඨමාලාව බෙහෙවින් ඉවහල් වන බවයි.
“ජීවිතයක් සුරැකීම” යන්න ප්රමුඛ අභිමතාර්ථය කරගනිමින් ආරම්භ වූ සුවසැරිය පදනම වර්තමානයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතකින් බලාත්මක කර තිබෙනවා.
ආරම්භයේදී ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක වූ මෙම “සුවසැරිය” ජාතික හදිසි ගිලන්රථ සේවාව මේ වන විට සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන යනු ලබනවා.
මෙම සමාරම්භක උත්සව අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක, කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජිත වික්‍රමසිංහ, මහාචාර්ය වජිර දිසානායක, සුවසැරිය පදනමේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශ්‍රීලාල් ද සිල්වා සහ වෛද්‍ය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය ගෝමින්ද පොන්නම්පෙරුම ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලය සහ සුවසැරිය පදනම නියෝජනය කරමින් විද්වත් පිරිසක් සහභාගි වී සිටියා.
Latest News
රන් සම්මාන තුනක් දිනූ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගට හොරණදී උණුසුම් පිළිගැනීමක්
Local
22 June 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට සංවිධානාත්මක අපරාධ මර්දන පනතක් - ජනපති
Local
22 June 2026
අමෙරිකාවෙන් ඉරානයට තෙල් වෙළඳාම සඳහා පොදු බලපත්‍රයක්
Local
22 June 2026
ශ්‍රී ලංකා නාවික හමුදාවට අමෙරිකාවෙන් රුපියල් බිලියන 1.2ක උසස් චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
22 June 2026
2026 උසස් පෙළ උත්තරපත්‍ර ඇගයීම් අයැදුම්පත් කැඳවීම ජූනි 26 දක්වා දීර්ඝ කෙරේ
Local
22 June 2026
ප්‍රතිභා සම්පන්න භූමි සැලසුම් සංකල්පයෙන් හෙබි සුවිශේෂී කඩුවෙල නගර මධ්‍යයෙන් අභිනවයෙන් කරළියට පැමිණෙන නවතම නිවාස ව්‍යාපෘතිය, පෙර-විකිණුම් නිවාස වෙන්කරවා ගැනීමේ ශීඝ්‍රයෙන් ඉහළ යන ඉල්ලුමත් සමඟ සාර්ථකත්වයේ අරුණළු සනිටුහන් කරයි
Local
22 June 2026
සුවසැරිය ශිල්පීන්ට කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිපූරක වෛද්‍ය විද්‍යා ඩිප්ලෝමාවක්
Local
22 June 2026
බාල වයස්කාර සිඟිත්තියක් කූරත්වයට පත් කළැයි අයෙක් රිමාන්ඩ්
Local
22 June 2026
සාර්ක් මහලේකම්වරයා අගමැතිනිය හමුවෙයි
Local
22 June 2026
ගෙවල් රැසකට සුද්දේ දීපු ''ටික්කා'' මාට්ටු
Local
22 June 2026