General23 June 2026

අනාරක්ෂිත ළිඳකට වැටී දෙහැවිරිදි දැරියක් අවසන් ගමන් යයි

ධර්මපුරම් පොලිස් වසමට අයත් පිරිමන්දාරු ප්‍රදේශයේදී අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් වයස අවුරුදු දෙකක කුඩා දැරියක් ඊයේ (22) සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිරිමන්දාරු ප්‍රදේශයේම පදිංචිව සිටි දැරියක්.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාල දැරිය ඇය පදිංචි නිවසට යාබද නිවෙස ආසන්නයේ අනාරක්ෂිතව තිබූ, ජලය පිරී තිබූ ළිඳකට වැටී ඇති බවයි.

පසුව ළිඳ තුළ සිටි දැරිය ගොඩගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණ ද, ඒ වන විටත් ඇය මියගොස් සිට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

දැරියගේ මෘත දේහය මේ වන විට ධර්මපුරම් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes